41 කොටස

407 81 164
                                    


බලන්න අනේ සයාන් අයියා මාව දාලා කොළඹ ගියානේ. මට ඊයෙ බොරුවට අඩල ඇත්තට හෙම්බිරිස්සාව හැදුන . ඉතින් සයාන් අයියා කිව්වා ' අච්චින් අච්චින් ඔක්කොම වෙලාවේ .ඉන්න ගෙදර' කියලා. එයා වැඩ ඉවර කරලා වාහනෙත් අරන් එහෙමම කොළඹ ගිහින් එනවයි කිව්ව. හැබැයි යන්නෙ අර නොයෙල් කියන යාලුවා එවන පාර්සල් එකක් බාරගන්න.

මං මේ දැන් ගෙදර එයි දැන් ගෙදර එයි කියල බලන් ඉන්නවා . කෝල් එකක් ගන්නත් බෑනේ එලවන ගමන් නම් වාහනේ. අනික රෑ එකොලහත් පහුවෙලා.

"ප්‍රියාවී... ඔබ සිහිනයෙන් ලං වී.. සිපගන්න සැරසෙද්දී----මං කෝල් එකක් ගන්නවා"

මං කොන්ඩේ පොල් ගස් දෙකක් බැදගත්තා. අපෙ අම්මා ඔලුවෙ ගාන්න දෙන පොල් තෙල් වලට ඉක්මනට කොන්ඩෙ වැවෙනව. සයාන් අයියට කොණ්ඩෙ කපන්න පුලුවන් ලුනෙ එයාගෙ ගාව එහෙම කොණ්ඩෙ එක  එක ඒව කරන මැශින් තියෙනව. ඉතින් ආයේඑ මගෙ කොන්ඩෙත් කපල දෙන්නම් කිව්ව .

සයාන් අයියා කියවන්න දුන්න පොත පැත්තක ඇඳෙන් බැහැපු මං එයාට කෝල් එකක් දෙන්න කියල සාලෙට යනවත් එක්කම සයාන් අයියගෙ වාහනේ දොරක් වැහුනා.. ඒක එනවා ඇහෙන්නෙ නෑ මගෙ කාමරේට.. මං ආයෙම දුවන් ඇවිල්ලා කාමරේ ජනේලෙන් ඇඟෙන් බාගයක් එළියට දැම්ම. අර එන්නේ ලොකු පෙට්ටි දෙකක් ම අතේ උස්සන්. මම දැනන් හිටියා මෑන් එන්නේ කාමරේ ජනේලෙ ගාවට තමා කියල.

"ඇහැරලාද තවම"

"නෑ මේ නින්දෙන් ඉන්නේ. ඔය බඩු දීලා ඔයා පනින්න මෙහෙට"

සයාන් අයියා පෙට්ටි දෙකම මගේ අතේ තිබ්බාම මම ඒක අරන් ඇඳේ පිටිපස්සට වෙලා වාඩිවුනා. මොකෝ එයාට ඔතනින් පැනල පුරුදු නෑ කියලැයි. පෙට්ටි දෙක එළියෙනුත් රට සුවඳයි අනේ... ඉස්සරහින් සයාන් අයියගේ නම ගහලා තවත් දේවල් ලියලා තිබුනා..මං කතුරක් අරන් ඇවිල්ලා පෙට්ටියේ ටේප් ඉරන අතරේ සයාන් අයියා ඇඳෙන් බැහැලා එහෙමම තුවාය අරන් කාමරෙන් එළියට ගියා.  ඒ ගිහින් ආයේ ආවා.

"මං මේවා කඩලා බලන්නද"

"ඔය මොකද එතකොට කරන්නේ"

"පොඩ්ඩක් කැඩුවා. ඔක්කොම කඩන්නද"

"මටත් බලන්න ඕනේ . ඉන්නවද මං එන්නම්"

සිලිලාර | COMPLETEWhere stories live. Discover now