"මේ පොඩි කෑල්ල හෝදලා මෙච්චර මහන්සියි නම් අර ලොකු ගෙවල් එහෙම අස් කරනකොට මිනිස්සුන්ගෙ පණ යනව ඇති නේ.. අම්මො....."
සයාන් අයියා ගේ අස් කරන්න එනකොට එයා රටින් ගෙනාව බීමත් අරන් ආව හින්දා හොඳයි.. මම ඇඳේ ලෑලි උඩින් පැනලා ජනෙල් පිල උඩින් වාඩිවුනේ සයාන් අයියත් සීයා කෙනෙක් වගේ ඇවිල්ල එතන වාඩි වෙන්න ටික්කට කලින්. හුලඟත් එනවා හැබැයි ඒකත් හෙන වේලිච්ච හුලගක්.
"අනිද්ද උදේම ගිහින් බඩු ගේමු ඔයා ලිස්ට් එකක් හදන්න මමත් හදන්නම්"
"ම්ම්.. දම්රෝ එක තියෙනව සැලූන් එක ගාව. අබාන්ස් සොෆ්ලොජික් සින්ගර් තියෙනවද"
"අබාන්ස් එකෙන් ගමු ඒකේ බඩු හොඳයි කියල අපෙ අම්මලා කියනව. අර අපෙ රයිස් කුකර් එකයි බ්ලෙන්ඩර් එකයි ඒකෙන් ගත්තේ අපි. ඒකත් තියෙනව අර ඔරලෝසු කණුව හරියෙ.. අහන්නකො ඔයා ඔක්කොම බිව්වද ඕකේ"
"නෑ තාම ඇයි ?"
"මට මේකම බොන්න බෑ වගේ.. ඇවිදිනකොට බඩේ වතුර හෙලවෙන්න යන්නෙ මගෙ. නිකන් තිබ්බොත් කූඹි එයිද"
"කූඹි තමා දන්නේ.. එයාලා බොනවද දන්නෙ නෑ නේ"
මම සයාන් අයිය කිව්ව එක මොලේ හරියට තේරුම් ගන්නකල් පොඩ්ඩක් ශිලා පිළිමයක් වගේ එයා දිහා බලාන හිටියා.. එයා හිනාවෙල මගෙ අතේ තිබුන බීම කෑන් එක අතට ගත්තා..
"අහල කියන්නකො එහෙනම් කූඹින්ගෙන්"
"ඕකේ..!!"
"ඕක බීලා මෙට්ටෙ ගෙනල්ලා දාලා ගෙදර යං නේ ආයේ වැඩ නෑ"
මම එතනින් බැහැලා ගෙදර දොරෙන් එළියට ආවේ සයාන් අයියා මගෙ බීම එක බොයිද කියල හිත හිතා. මම කට තියලනෙ බිව්වේ. ඒක එයාට කටේ ගාවන්නෙ නැතිව උගුරට දාගන්නත් පුලුවන් නේද කියල මතක් වුනාම මම දොර ගාවම තියෙන උඩම පඩියෙන් වාඩි වෙලා ඉස්සරහ පේන නංගි නැන්දලාගේ කුරක්කන් හේන දිහා බලන් හිටියා.. ඒක පයින් ගියොත් සෑහෙන දුර ඒත් මෙහෙතනට දුර පේනවා.
"ඔහ්..."
"කොහෙද දුවන්නේ"
"මම හිතුවෙ ඔයා පහළට ගියා කියලා.."
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...