කොට කලිසමක් ගහගෙන සයාන් ටැංකියෙන් නාන අතරේ මම කාමරේ එයා ඇදල දාපු සූට්කේස් එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඉඩ අරගත්තා.. කිව්වත් වගේ එක පාරටම මගෙ කාමරේ රට සුවඳයි.
ලොක්කයියා අද හෙට ගෙදර ආවේ නැත්තන් හොඳයි කියල මට හිතෙනවා. අර නිවාඩු මාසවල සිරසේ යන ඩොක්ටර් ඩූ ලිට්ල් වගේ එයාට ඕනේ සත්තු එක්ක ඉන්න හින්දා වැඩියේ ගෙදර ඉදෙන්නෙ නෑ.. එයා නුවරඑළියේ තමා වැඩ කරන්නේ.. ගමේ අය හිතාන ඉන්නෙ මාත් පශු වෛද්‍ය කෙනෙක් කියල , එයාලගේ ගෙවල් වල ඉන්න හරක් එළදෙන්නු එළුවො බල්ලො පූසෝ වගේම බිම වැටිලා ලේන් පැටියෙක් හිටියත් වෙලාවකට අපෙ දිහාට උස්සන් එනවා ' අනේ පුතේ පොඩ්ඩක් බලන්නකො ' කියාගෙන.. ඉතින් මම අයියට ෆෝන් කෝල් එකක් දීලා විස්තර අහගෙන සමහර සත්තුන්ට බෙහෙත් කරලම මට ඒවත් හුරුයි...
"ඩේව්....!!!..
...ඩේව්.....!!!"
මම ද ?? මම ඩේව් නම් නෙවෙයි..ඒත් සද්දෙ ඇහෙන්නෙ කුස්සිය පැත්තෙන් නම් ඒ සයාන් මට කතාකරනව වෙන්න එපෙයි..මම එහෙ පැත්තට දිව්වා.. මේ ඉන්නේ තුවායත් ඇදගෙන නාන්න ඇදපු කලිසම අතේ තියාන.
"අරක උඩින් තියන්න මම නානකොට හෝදලා වේලෙන්න දාන්නම්"
මං රෙදි දියගහන ගල පෙන්නලා කිව්වම එයා එතන තියලා ගේ ඇතුළට ආවා..
සුවඳ මෙයා ගාව....
එයාට ඇඳුම් ඇදගන්න දීලා මම රේඩියෝ එක වහල දැම්මා..මම පොඩ්ඩක්වත් ඒක ඇහුවෙ නෑ.. සයාන් අලු පාට දිග කලිසමකුයි කලු පාට අත් නැති ස්කිනි එකක් වගේ එක්කුයි ඇදගෙන තුවයත් අරන් සාලෙට ආවා.
"ඔයා පුරුදු වෙන්න.. මෙහෙට එන්න.... අර එලියෙ තියෙන වැලට ඕක දාලා එන්න..මේ සෙරෙප්පු දෙක දාගෙන යන්න"
සයාන් සෙරෙප්පු දෙකත් දාගෙන මම අතින් පයින් කිව්ව විදිහට තුවාය වැලට දාලා මගෙ පැත්ත හැරිලා හිනා වෙලා අතේ ඇඟිලිවලින් දෙක වගේ පෙන්නලා ඒ ඇඟිලි දෙක වැනුවා. මම ඉණට අත් තියන් බලන් ඉදල ගෙට ආවා.. ආව මෙතන වනන්න..
"මම නානවා.. ඔයා ටීවි බලන්න.. "
ප්ලග් ගහලා ස්විච් දාලා ටීවි එකත් ඔන් කරලා මම රිමෝට් එකත් සයාන්ගෙ අතේ තිබ්බා.අපිට අවුව දවසට ටීවි එකට චැනල් නවයක් හොඳටම අහුවෙනවා. වැස්ස දවසට එහෙම පොඩ්ඩක් සුරුසුරු ගානවා.. අංක දහයෙ ඉදලා කවදාවත් වැඩ නෑ අලුපාට කූඹිවගේ පේන්නේ.. එක පාරක් මම එකසිය විස්සට එනකල්ම චැනල් යවලා මැදදි දෙමළ එකක් අහුවුනා..ඒකත් සූ ගාලා සද්දේ.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...