බස් එකේ දොර ගාවම තියෙන සීට් එකේ වාඩිවෙලා හරි ගානට සෙට් වෙන ජනේලෙත් ඇරගෙන මම මේ ගෙදර යන ගමන්.. නින්දත් යනවා ඇඟේ මහන්සියට..
මට කැම්පස් එකේ ඉදන් ගෙදර යන්න බස් දෙකකත් ගිහින් වීල් එහෙකත් යන්න වුනාම ට්‍රිප් එකක් යනව වගේ තමා. කටුගස්තොටින් නගිනකොට බස් එකේ ඉඩ තිබ්බෙ නැතත් මාතලෙන් අයිනක්ම හම්බුනේ දෙයියෝ බලලා වගේ.. කොහොමත් දුර බස් වල එහෙම සීට් ලැබෙන්නෙ කලාතුරකින්, ඒත් වේගෙන් එන හින්දයි දිගටම එන්න ඕනෙ හින්දයි මම සැපපහසුමක් බලන්නෙ නැතුව දුර ඒවටම නගිනවා.
දැන් ගෙදර ගිහින් අම්මට කියන්න දේවල් ගොඩයි.. මම පාරට බැස්ස වෙලාවේ ඉදල වෙච්ච හැමදේම අම්මට කියනවා.. අම්මත් ඔහේ අහන් ඉන්නවා ඒකරල 'දැන් ගිහින් හෝදගන්න ' කිව්වාම තමා මම තේ කෝප්පෙ හෝදලා ඇඟවත් හෝදගන්න යන්නෙ.. අද ඉතින් සයාන් අයියා ගෙදරට වෙලා කරපුවත් අහන්න එපායෑ.. එයා සිංහල අකුරු ලියන්න ඇති හැබැයි..
"මල්ලි ඔයාගේ ගාව වතුර තියෙනවද"
"ආ ඔව්.."
මගෙ එහා පැත්තේ වාඩිවෙලා හිටියේ යාපනේ කැම්පස් එකේ අක්කා කෙනෙක්.. එයාගෙ ගාව ලොකු බෑග් එක්කුත් තිබ්බ එකේ මම එයාට අපහසුවක් නැතිවෙන්න මගෙ වතුර බෝතලේ අරන් එයාට දුන්න.
"තෑන්ක්ස්.. මගේ වතුර ඉවර වෙලා . මම මේ ගාල්ලෙ ඉදල එන්නෙ"
"අක්ක ඔය බෝතලෙ තියාගන්න ප්ලාස්ටික් එකක් නේ අනික යාපනේට යනකල් වතුර එපෙයි"
"කමක් නැද්ද"
"නෑ නෑ"
"තෑන්ක්ස් ආ.. ලොකු උදව්වක්"
මම හිනාවෙලා බෑග් එකේ ශිපර් එක වහගත්තා.. වතුර එක තියෙන කල් මට වතුර තිබහක් තිබ්බෙ නෑ දැන් වතුර ඕනේ වගේ..
මම බහින තැන ආවාම මගේ ඔරලෝසුවේ වෙලාව හතයි පහයි , ඒ කියන්නෙ හරි වෙලාව හතයි විස්සයි. අර අක්කටත් යන්නම් කියාගෙන බස් එකෙන් බැහැලා වීල් එකක් අරන් ගෙදර එන්න තමා හිතුවේ..මේ වෙලාවෙ අපෙ පාරෙ බස් එකේ අවසාන ගමන් වාරෙ ගිහින්.
"දැන් බස් එක ගියේ .අද වෙලා ගිහින් ඒකත්"
"අවුලක් නෑ. යන් මාමා එහෙනම්"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Любовные романыගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...