"මම ඔහෙට එන්නම් අනෙ ගෙදර යන්න බෑ... හා... ඉන්දියා එම්බසි එකෙන් ඊමේල් එක්ක ඇවිල්ලා මට Lecole එකේ වැඩේට හරිද ඔයා මට ලස්සන රිප්ලයි එකක් හදල දෙන්න ඈ..හා....හ්හා.."
එක අතක මගෙ පොත් වගයක් තිබුන ලොකු පාර්සල් එකත් අල්ලන් සයාන් අයියට ෆෝන් එකෙන් කතා කර කර ආව මං ෆෝන් එක උරහිස උඩ සමබර කරගෙන වාහනේට නගිනකලුත් මෙයාට ෆෝන් එක තියන්න උවමනාවක් නෑ වගේ. තව වැඩ කරන කෙනෙක් ට උදව් කරන ගමන් මේ එයත් කතා කරන්නේ.. එයාට පොඩ්ඩයි චුට්ටට පොඩ්ඩයි.
"මං එනවනේ ඉතින්. තියන්න දැන් එහෙනම්..ඩ්‍රයිව් කරන්න යන්නේ"
හිනා වෙලා කියලා කෝල් එක කට් කරපු මං ෆෝන් එක එහා සීට් එකට දාලා වාහනේ මහ පාරට දැම්මා. අලුත් අවුරුද්දෙ එහෙට මෙහෙට දුවන එකේ සීමාවක් නෑ..මහන්සි කියන්නේ ඇඟපත ඔලුව එක්කට වත් නිවාඩුවක් ලැබුනෙත් නෑ ඉස්සරහටත් මාසයක් දෙකක් වත් අඩුම මේ මහන්සියි තියෙයි.
මේ ටිකේම සයාන් අයියා නුවර අලුතෙන් ඕපන් කරන එයාගේ 'රෙදි කඩේ' වැඩ එක්කන් එයා කාර්යබහුල වෙලා ඉද්දී , මම අපෙ Lecole එකට එක එක රට වල් වලින් ඇවිල්ලා තිබුන/ එන ඉල්ලීම ගැන බලන්න වුනා.
සමහර ළමයි කැමති නෑ ඔන්ලයින් ඉගෙන ගන්න. එහෙම වුන නිසා අලුතෙන් ලැන්ග්වේජ් සබ්ජෙක්ට්ස් ඒලෙවල් වලට කරලා අවම c සාමාර්ථ තියෙන ගුරුවරු එක්කන් මම ලංකාවේ නුවරම භාශා අධ්‍යාපන ආයතනයක් පටන් ගත්තා Lecole නමෙන්ම.. ඒක ආරංචි වෙලා ඒකක් ඉන්දියාවේ පටන් ගන්න කියලා ඉන්දීය ප්‍රභූ වරයෙක් මට දැන් සතියකට විතර කලින් කතාකරා එයා ඒකට මුදල් වියදම් කරන්නම් කියලා..මං මේ අවුරුද්ද පටන් ගන්නකොට කොරියන් ඉගෙන ගන්න පටන් ගත්තාම දකුණු කොරියා ශ්‍රී ලංකා තානධිපති කාර්යාලයෙන් මගෙන් ඇහුවා ඒ ළමයින්ට ඉංග්‍රීසි පුහුණු කරන වැඩපිළිවෙලක් හදල දෙන්න බැරිද කියල...
එක වෙබ් සයිට් එකක් හරහා වැඩ සිද්ධ වුනාට ඒකම හසුරුවන්න මම මිනිස්සු කී දෙනෙකුට රස්සා දුන්නාද කියල මතක් වෙන එකම මට හුඟාක් සතුටු හිතෙන දෙයක්.. අපි ජනවාරි වල ෆ්රාන්ස් වලට ගියා නොයෙල්වයි එයාගේ අලුත ඉපදුන පළවෙනි කොලු පැටියවයිත් බලලා අපේ හිත හොඳ වැඩකාරයෝ ටිකත් බලලා එන්න. අනික නොයෙල් වුනත් මේකට හවුල් වුනා එයාට හොඳ ආදායමක් තමන්ටම උපයාගන්න පුලුවන් හින්දා.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romansගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...