23 කොටස

232 46 87
                                    


"සර් පන්සලට එනවද අද හවස"

"ඔව් එනවා. ඔයාලා එනවද"

"ඔව් එනවා. අපි යන්නම් සර්"

"කාත් එක්කද යන්නේ"

"අක්ක ඇවිල්ල ඉන්නේ"

"අහ්-හ-හරි යන්න"

කසුනිගේ නංගි ටයි තව නංගිලා දෙන්නෙකුයි මල්ලිලා දෙන්නෙකුයි අරන් මම අද එයාලට ගනන් පන්තියක් කරා.. කසුනි ඇවිල්ලා මේ ඔක්කොම එක්කන් යන්න.. අයියෝ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව එනව මෙතන මට වද දෙන්න.. අනික තව දොළහයි වෙලාවත් තනියෙන් යන්න බැරිද මේ ළමයින්ට අක්කව එක්ක යන්න ගෙන්නගන්නෙ.

"සහසිත්.. පන්සල් එනවද අද"

"ඔව් එනවා"

"මාත් එනවා.. නෙලුම් මල් ඕනෙද ඔයාට"

"ආ...මේ...හා...එක්කො..."

මේක අර උඩ ඉන්න කපුකාර සයාන් අහගෙන ඇත්තේ දැන් ඉතින් මාට විහිළු කරයි නෙලුම් මල් ඕනෙද අහල.. මොන තාලෙට හැදිල ඉන්නවද මන්දා එයානම්.. එයා නෙවෙයි මේ ඉස්සරහ ඉන්න කෙනත් මොන තාලෙට හැදිලද මන්ද. මං විතරයි හොඳ තාලෙට හැදිල ඉන්නේ.

"මං ගේන්නම් අපි පස්සේ වැවට යනව ඔයා එනවද මල් කඩන්න"

"ආ..ම්...නෑ.. ඔයා යන්න"

"එන්නකො අනේ. එහා පැත්තට යන්නේ අනික"

"බෑ වගේ"

"එහෙනම් මං මල් දෙන්නෑ"

"තියාගන්න ඉතින්- කමක් නෑ මම මෙහෙම මල් කඩාගන්නම්. මෙහෙත් හොඳ මල් තියෙනවනේ"

"ඔයා මට බැන්නද ඒ"

"නැහ්..මම නිකන් කිව්වේ"

කසුනිට මම මෙච්චර සැරෙන් සැරේ ඔලුව කසන්නේ උකුණො ඉන්න හින්දා කියලාවත් මේ කතාව නවත්තන්න හිතෙන්නෙ නැද්ද අප්ප. මට කියන්න ඒවත් නෑ.

"ම්ම්.. පන්සල් එන්න එහෙනම්.. ඔයා සුදු ඇන්දාම කඩවසම්. පිච්චමල් වගේ"

මං මගෙ තොල් පොඩි කරලා කසුනි මට දික්කරපු පිච්ච මල තියන්න මෙච්චර වෙලා පිටිපස්සට කරන් බැදගෙන හිටිය අත දික්කරා .. එහෙම කියල මලුත් දීලා ගිය හින්දා හොඳයි.. මං සමිති ශාලාවේ දොර වහලා උඩ ඉන්න අලුත් පදිංචි කුලීකාරයා බලන්න ආවා.. ඊයෙත් දැක්කෙ නෑ නේ.. මොනා වුනත් පිච්ච මල නම් සුවඳයි.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now