36 කොටස

210 50 49
                                    


කෙනෙක් මගෙන් ලොකු වුනාම වෙන්න කැමති කවුද කියල අහන ප්‍රශ්නෙට පොඩි කාලේ මට දෙන්න හරියාකාර උත්තරයක් තිබුනෙ නෑ. ගොඩක් වෙලාවට වෛද්‍යවරයෙක් කියලා බේරුනාට මම පොඩි කාලේ ඉදලම මැත්ස් කියන විශය ධාරාවෙන් උසස්පෙළ කරන්න හිත යට ආසාවක් තිබුනා. මොකද මම ආසයි අමාරු ගැටලුවක් තනියෙන් විසඳුවාම හිතට දැනෙන සහනය අත්විදින්න.. ඒක නිකන් ආත්ම විශ්වාසයක් වගේ නිදහසක්..

ඒක හිත යට තිබුනට එක දවසක මම ටවුමේ උසාවිය ගාවින් යනකොට අම්මගෙන් ඇහුවා මම නීතිඥවරෙයෙක් වෙන්නද කියල. අම්මා ගත් කටටම ඇහුවේ බොරු කියල සල්ලි හොයන්නද ඕනේ කියල. මම ඕනෙනම් හතරේ පහේ වගේ ඉන්නැත්තේ. එදායින් පස්සෙ මම උසාවිය පහුකරන වෙලාවට ඇතුළට ගිහිල්ලා බලන්න ආසාවක් ආවත් මටත් නීතීඥවරෙයෙක් වෙන්න හිතුනේ නෑ..

අදත් මේ උසාවියේ එළිමහනේ වාඩිවෙලා හකීම් එනකල් ඉන්නකොට මට හිතෙන්නේ අඩුම මම උසාවි භූමිය ඇතුළට හරි ආවනේ කියලා.. එයාටත් වෙන තැනක් තිබුනෙම නෑ නේ කතාකරන්න. මම පාර දිහා බලාන හකීම් එනකල් එලිමහන් බංකුවක ඉන්නකොට එයා මගෙ ගාවට එනකල්ම මම දැනගෙන හිටියෙ නෑ. මම මෙයා එක්කන් එච්චර කතාකරලත් නෑ  ඇයි එන්න කිව්වෙ දන්නෙත් නෑ.

"හායි"

"හායි.. කොහෙ ඉදලද ආවේ"

"ආ.. මම ලෝයර් කෙනෙක් මීට් වෙන්න ආව අතරෙ ඔයාගෙන් මුණගැහෙමුද ඇහුවේ. වැඩ ඉවරයි මහෙ දැන්. ඔයා මොනවහරි බොනවද"

"නෑ එපා"

ඒ උත්තරෙත් එක්කන් හකීම් මගේ ගාවින් පොඩ්ඩක් එහාට වෙලා ඒ බංකුවේම වාඩිවුනා. එයා ලා ගොම කොළ පාට කලිසමකට සුදු පාට කමිසයක් ඇදලා සුදු පාටම සපත්තු දෙක්කුත් දාලා තියෙද්දි පෙනුමෙන් විතරක් නෙවෙයි කතාවෙන් වත් මෙයාගෙ ජාතිය විස්තර කරන්න අමාරුයි.

"කොහොමද"

"හොඳින්. මට ඔයාට කියන්න ලොකු දෙයක් තියෙනව. ඔයාලා කොහෙද ඉන්නේ"

"අපි ?? නුවර"

"නුවර කොහෙද. මතකද ඔයාට සයාන් කියල ඔයාගේ අයියව"

"සයාන් අයියා ?? ඇයි එයා? ඔයා කොහොමද එයාව දන්නේ"

උසාවි බිම ඇතුලේ සද්ද බැරි වුනාට හකීම් කලින් කතාකරපු හඩ මාත්‍රාවක් හරි වැඩි කරලා මගේ පැත්තටත් හැරිලා ඇහුවේ එයා හරියට නිකන් සයාන් අයියා ලංකාවේ වගක් දන්නෙ නෑ වගේනේ.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now