17 කොටස

265 57 21
                                    


ඉරත් තාම බැහැල ගිහින් නැත්තේ මගේ මූණේ හිනාව වටපිටාවේ අයට තවත් හොඳට පේන්නද මන්දා.. මම පුදුම සතුටකින් හිටියේ. උදේ ම ලොකූගේ කැමරාව මට දුන්න හින්දා ඒ සතුටෙන් කැම්පස් එකට ගියාට එන කොට ඒ සතුට වෙනස් වෙලා වැඩිවෙලා ගිහින්.. ගෙදර ගිහින් වර්ණනා කර කර කියන්න කාරණා බෝමයි..  

කැම්පස් එකේ වැඩ දෙක හමාරට වගේ ඉවර වුන එකේ මම උපරිම වේගෙන් ගෙදර එන්න ඇවිල්ල තව ගෙදරට හෝල්ට් දෙකයි තියෙන්නේ.. මාව ලෝකවාසීන්ට සාමාන්‍ය මනුස්සයෙක් වගේ පෙනුනට ඇඟ ඇතුලේ පුදුම නැටිල්ලක් තියෙන්නේ..

"කොතනද කොල්ලා"

"අර කුඹුර ගාව"

"ඔන්න ඔය කුඹුර ගාව නවත්තන්න"

කිව්වත් වගේ බස් එකේ ඉන්නෙ අලුත් කොන්දොස්තර කෙනෙකුයි අලුත් ඩ්‍රයිවර් කෙනෙකුයි.එයාලට පාරෙ හෝල්ට් ගැන වැඩි දැනුමක් නෑ වගේ.. මම ගේ ගාවම බැහැලා පාර පයින්න යනකොටම ඇහුන කාලගෝටත් එක්කන් මූණ සීයට තුනක් බෙරි වුනා.. අපෙ ලොක්ක ගෙදර ආව කියන්නෙ ගමේ වලත්ත බල්ලොයි නකුටු පූසොයි ඔක්කොම එනව උන්දැලාගේ අයිති උන් එක්කන් පණු පෙති අරන් යන්න.. අර සයාන් අයියත් කලු පාට බල්ලෙක්ව වැර දාලා අල්ලන් ඉන්නේ ලොකූ පණු බෙහෙත් පොවනකල් වගේ.

"මේ මොකෝ මේ කලින්"

"ඇයි මට කලින් එන්න බෑද"

"බෑ. ආව එකේ එනවකො මුන් ටික ආන්බාන් කරගන්න . අපි දෙන්නට හති"

"මටත් හති මම මේ හිඟාකන්න ගිහින් එන ගමනක් නෙවෙයිනේ.. අම්මා.....කෝ...මම ආවා"

කුස්සියට යනකොට අම්මා රොටී හදන්න පිටි ලෑස්ති කරනවා.. මම ගිහින් ඊයේ ඉතුරු ඤාන කතා එකක් ඇදල අරන් මේසෙන් වාඩිවුනේ මද්දුගේ දවසේ හපන්කම් කියන්න.

"අද කලින්. ඉන්න මම මේ ටික අනල තේ හදල දෙන්නම් අර දෙන්නත් බීල නෑ තව"

"අම්ම අම්මගෙ කොල්ල දක්ශයි ඈ"

"මම ඒක නම් දන්නව මොකද වුනේ අද"

"අහන්නකො.. මෙහෙමයි  අපිට සෙල්ලිපි  කියවන විදිහ ගිය සතියේ දවසක ඉගැන්නුව.මට විතරයි පූර්ව බ්‍රාහ්මී අකුරුයි අපර බ්‍රාහ්මී අකුරුයි දෙකම හොඳටම පුලුවන් වෙලා තිබුනේ.. මම එච්චර පාඩම් කරෙත් නෑ මට ඒ අකුරු හොඳටම පුලුවන්. ඊට පස්සෙ ප්‍රොෆෙසර් කිව්වා මට භාශා පරිවර්ථක කෙනෙක් වෙන්න පුලුවන් කියලා"

සිලිලාර | COMPLETEWhere stories live. Discover now