43 කොටස

205 46 128
                                    


'The number you dialed......'

'The number yo.....'

'The num....'

ලෑන්ඩ් ෆෝන් එකේ හතලිස් හයවෙනි කෝල් එකත් ඇමතුමක් නැතිවම නතර වුනාම මම රිසීවරේ තියලා ආයේ දුවල ගිහින් අම්ම කොහෙද බැලුවා.. දැන් බැරිවෙලාවත් මම ටවුමට ගියාම හකීම් කෝල් එකක් ගනීද දන්නෑ..මේ බැංකුවටත් මාන්දම නෙ අනේ, ළමා ගිණුම් දැන් තමා වැඩිහිටි ගිනුම් කරන්න ඕනෙ වෙලා තියෙන්නෙ උන්දැලට.

"ලෑස්ති වෙන්න ගිහින් මොකද හොර ගල් ඇහිදින්නෙ"

"හොර ගල් නෙවෙයි අනේ ලෑස්ති වෙන්නද අහන්න ආවේ"

පේන්න නැතුව හිටිය අම්මගෙ කටට ගැස්සිච්ච මං අස් දෙකත් ලොකු කරන් කාමරේට ආවා අදත් ටවුමට යන්න ලෑස්ති වෙන්න.

උදේ හයට සයාන් අයියා තනියෙන් ඇහැරලා මූණෙ තිබ්බ ඇහැට පේන්නෙවත් නැති රැවුල් ගස් ටිකත් කපලා නාලා කොන්ඩෙත් වේලන් තමා හත වෙනකොට අපෙ ගෙදර ආවේ. ඒ ඇවිල්ලා මගෙ නින්දත් බාගයක් කඩල දාලා ආයේ මං ගාවින් නිදාගත්තා. එයාට ඉන්ටවීව් එකට එන්න කියල තිබුනේ දහයයි තිහට හින්දා මෙහෙන් ගියේ නවයට.. මම රෑ ගෙනල්ලා තිබ්බ සුදු කමිසෙයි කලු කලිසමයි අපෙ අම්මා මැදලා හැගර් එක්කම දාලා මගෙ කාමරේ රැක් එකෙන් තිබ්බා නේ. ඉතින් එයා මෙහෙ ඇවිල්ල නිදාගෙන නැගිටලා ඒක අරන් ඇදගත්තා..

සයාන් අයියගේ පවුලට සීයට සීයක් ම බනින්න බෑ කියල හිතෙනව එයා අද ඇඳපැලද ගෙන ගෙයින් එළියට බැස්ස විදිය දැක්කම. ඔය කියනව වගේ යුරෝපයේ මිනිස්සු හැඩිදැඩි වුනාට සයාන් අයියා එහෙම මහලොකු මහතක් නෑ හැබැයි අප්පච්චිට වඩා උසයි.. ඒකට හරියන්න මහතයි සමහර විට තව පොඩ්ඩක් වයස යනකොට එක්කෝ හිතේ ප්‍රශ්න නැති වෙනකොට එයා මහත් වෙලා එයි... 

අද උදෙත් වෙන්දට ඇඳල යන සාමාන්‍ය ඩෙනිම් කමිස වලට වඩා වෙනස් විදිහට අර කලු පාට කලිසමට අත දිග සුදු කමිසෙ බැනිමක් නැතිවම ඇඳලා ඒකට සුදු කලු  පොඩ්ඩක් පළල ඉරි තියෙන ටයි පටියක් ගැටගහපුවාම එයාගේ උස මහත වැඩියෙනුත් පෙනුනා.. ඒකරලා කලු මේස් දාලා පොලිශ් කරපු සපත්තු ත් දාලා කොන්ඩේ උඩට කරලා පීරලා 'හෙයා ක්‍රීම්' කාලා එක විදිහට හදාගෙන 'බොඩි ස්ප්‍රේ' එක්කුත් ඉහගත්තා.. පුදුම සුවඳයි....!! අවසානේ කලු පාටම ලස්සන අත් ඔරලෝවක් බැදලා මගෙන් ඇහුවා කොහොමද කියල. මොනව කියන්නද මම කොට්ටෙත් බදාගෙන 'එල' කියනව ඇරෙන්න... 

සිලිලාර | COMPLETEWhere stories live. Discover now