45 කොටස

318 79 68
                                    


"මාවත්-ත් ඔයාගේහ් ගාවට ගන්න..ප්ලීස්... දෙව්ධාර"

"හෙලෝ.. හකීම් ..."

"මට මැරෙන්න බෑ"

"ඔයා කොහෙද ඉන්නේ.."

"මට මැරෙන්ඩ බෑ බං.......!!!!!"

"ඔයා කොහෙද ඉන්නෙ කියන්න"

"මීගමුවේ"

"මීගමුවේ...???? මීගමුවේ.. හරි දැන් මොකද කරන්න යන්නෙ. මෙහෙ එනවද"

හකීම් ගෙ පැත්තෙන් සද්දයක් නෑ.. මං එයා ඉන්න තැන මොන වගේද බලාගන්න මමත් හුස්ම හිරකරන් අහන් හිටියා. හකීම්ගේ බර හුස්ම ගන්න සද්දයක් ඇහෙන හින්දා මට හිතන්න පුලුවන් එයා මොනවගේ හරි දුරක් ඇවිදන් හරි දුවන් හරි ඇවිල්ල කියලත්.

"මං... ඉස්කෝලේ කාලේ ක්‍රිකට් ප්‍රැක්ටිස් එක්කන් බිසී නිසා ඔයාලා එක්ක ඉන්න බැරිවුනා. මට ආස හිතුනා ඔයාගෙයි හානිෆ් ගෙයි වැඩ වලට සම්බන්ධ වෙන්න. ඒ-හේත් බැරි වුනා. මට එහෙම ඉන්න තිබුන ඔයාල එක්කන්"

"අපි ඒක පස්සෙ කතා කරමු. මට දැන් කියන්න ඔයා මොකද කරන්නෙ කියලා"

මම සාමාන්‍ය කටහඩකින් කතාකරේ අප්පච්චිගෙන් එහා කාමරේ ඇහෙන ගොරවන සද්දවලත් කන් දීගෙන.. එයාලට ඇහුනොත් කෝල් කරනවට බනින එකක් නැතත් කවුද කින්ද මන්ද අහයිනේ මේ රෑ කෝල් ගන්නෙ. මට එහෙම කෝල් එන්නෙ නෑ නේ.

"ආයේ නෑ.. මං මේ වෙලාවේ පසුතැවිලි වෙනවා එහෙම නොකෙරුව එකට-"

"හකීම්- හකීම් හානිෆ් කොහෙද"

"කොළඹ ගියා. මට කියන්න දීපන්කෝ- මං එහෙම සැර නෑ බං. එක වතාවක් හානිෆ් කිව්ව උඹ කිව්වලු මම ගෝනිබිල්ලෙක් වගේ කියල. පිස්සුද බන් මං එහෙම නෑ.  ඒ කාලේ මං බයේ උන්නෙ මාව දහඅට පිරුනාම බන්දලා දෙයි කියල. එහෙම එකක් කිව්වා තාත්තා. ඒක ඔලුවෙ හින්ද මම ඒකමයි හිත හිත හිටියෙ. ඒකයි ගෝනිබිල්ල වගේ හිටියේ....

මං සයාන් අයියට කතා කරා.. බලහන් මට ඌව පේන්නෙ පිට එකෙක් වගේ මං ඒකව දැකල නෑ අවුරුදු කීයකින්ද මන්දා. සයාන් අයියට ආයේ තාත්තගෙන් වදයක් වෙන්නෑ. හැබැයි මට උදව්වක් කරපන් . සමාවෙන්ඩ මෙච්චර උදව් ඉල්ලනවට මට වෙන උදව් ගන්න එකෙක් නෑ"

සිලිලාර | COMPLETEWhere stories live. Discover now