09 කොටස

366 63 24
                                    

"දැන් එක පාරක් කිව්වා..නැගිටින්න..අර මිනිස්සු එන්න කලින් ගිහින් මූණකට හෝදන් එනව ළමයෝ "

"හ්ම්ම්හ්හ්..."

මොන වදයක්ද මේ දෙන්නේ අප්පා..මම ඇඳේ බිත්තිය අයිනටම ගිහින් ආයෙම ඇස් තද කරගත්තේ දැවිල්ල අල්ලන තට්ටම් උඩ දාගෙන.. අම්මා තුන් වෙනි පාරටද කොහෙද ඇවිල්ලා දුන්න පස්සට පාරක් මං නැගිටින්නෙ නෑ කියල, දැන් දනව ඒ පැත්තම.

"නැගිටින්න"

"අනේ යනවකො වදේ.. තෝත් නැගිට්ට මෙතන මට බැනුම් අස්සවන්න"

"නැගිටින්න"

සයාන් අයියා මූණ හෝදලා ඕඩිකොලෝන් දාලා නිකන් ඉන්න බැරුවට ආයෙම ඇදට ඇවිල්ලා නිදන් ඉන්න මාව ඇහැරවනව.තව පාන්දර පහයිත් එක්ක..අද ගොයම් කපන ගොවියොන්ට ඇඹුල එහෙම හදන්න ගමේ ගොවි බිරින්දෑවරු අපේ ගෙදරට එනවනේ තව ටික්කින්.. ඒකයි අම්මා මාව ඇහැරවන්නේ..කාබේරියා වගේ ඉන්නෙ නැතුව පිළිවෙලකට ඉන්න කියල.

"කෝ දැන් තව නැගිට්ටේ නැද්ද"

"නැගිට්ටා නැගිට්ටා"

ආයේ ගුටි කන්න බැරිකමට මම ඇඳෙන් පැනලා හතර වෙනි පාරටත් කාමරේට ඇවිල්ල දොර ගාව හිටගෙන ඉන්න අම්මවත් පහු කරන් මූණ හෝදගන්න ගියා..ඇස්වත් අරින්න කම්මැලි දත් මැදිල්ල තියා.. මම මූණ හෝදන එන අතරේ සයාන් අයිය ඇවිල්ල අම්ම එක්ක තේ හදනවත් එක්ක..  මම මූණ හෝදන් එලියෙ වනල තිබ්බ අප්පච්චිගෙ තුවායෙන් මූණ පිහදන් තේ බොන්න ආවා.

"සතිඳුව බලාගන්න ආවාම එයාට සෙල්ලම් කරන්න දීලා ඇහැගහන් ඉන්න ඕනේ තේරුනාද"

"හ්ම්"

"ඇලට එහෙම යන්න දෙන්න එපා එක පොඩි එකෙකුටවත්. ටික්කත් එයිනෙ දැන් ඔයගොල්ලො සෙල්ලම් වයසෙ නෙවෙයි නෙ පොඩි උන්ට නටන්න දීලා උන් ගැන ඇහැගහන් ඉන්න"

"හ්ම්. උදේට කන්නෙ මොනවද"

"කිරිබත් හදනව උදේ කන්න..ආං අරහෙ කැවුම් කොකිස් වගයක් තියෙනවා ඕන්නං"

"හෑපෝ එපා"

තේ බීලා කෝප්පෙත් ටික්කට කලින් හේදුව සයාන් අයියා නිකන් අර අර ඉස්කෝලේ ඉන්න විනීතම කීකරුම සුදාරිකා ළමය වගේ දොර ගාව හේත්තු වෙලා අපි කතාවෙන ඒවා අහගෙන ඉන්නවා. අලු පාට දිග කලිසමක් ඇදලා දුඹුරු පාට කමිසෙකුත් දාල පිළිවෙලට කොණ්ඩෙත් පීරලා එහෙම ඉන්නකොට අඟල් අටක නවයක පොඩි කලිසමක් ඇදගෙන ඒකෙ අග්ගිස්ස පේන්න අයියගේ හද්දා පරණ තඩි කමිසයක් ඇදන් දිග කොණ්ඩෙත් අතින් පීරලා ඉන්න මං තේ බොනකොට හරි කැතට පේන එක සර්ව සාධාරණයි..

සිලිලාර | COMPLETEWhere stories live. Discover now