42 කොටස

217 49 103
                                    


" ඊට පස්සෙ සයාන් අයියා මට සොනික් දලා දීලා ඉව්ව....ඊට පස්සේ අපි කෑවා... ඊට පස්සේ සයාන් අයියා නිදාගත්තා.... මම ඇහැරන් අරක බලල ම ඉවර වුනා......ඊට පස්සෙ මම නිදාගත්තා.... ඊට කලින්  මම සයාන් අයියව ඇහැරෙව්වා......"

අම්මා ලිපට පිඹ පිඹ ඉදල මගේ දිහා බලලා ආයේ ලිප පත්තු කරා. සයාන් අයිය නම් කරබන් හිටියෙ නෑ මගෙ කට මිරිකුවා නින්ද කැඩුව කියල. ඒකරලා මගෙ බඩ මිරිකන් නිදාගත්තා. මම බොරුවට කැහැලා කැහැලා හුස්ම ගන්න බෑ මම මැරුනා කිව්වත් නුවණක්කාර සයාන් නෙවෙයි ගනන් ගත්තේ වත්.. මැරිච්ච පාර මටත් නින්ද ගියා.. අනෙ මං එයාව ඇහැරෙව්වෙ නෑ තට්ටු දෙක තුනක් දාලා ' ඔයා නිදිද මං දැන් නිදාගන්නෙ ' කියල ඇහුවාංව්2 විතරයි.

"අත්තම්මාටත් ගාය නේද අම්මා.. වයසයි නම් වයස විදිහට ඉන්න එපෙයි අනේ බල්ටි ගහන්න යන්නේ"

"ඔයාටත් ඒකම තමා කියන්නේ . පේනවනෙ දැන් කකුල් උලුක් කරන් ඇවිදගන්න බෑ ඉස්පිරිතාලේ ළඟ නතර වෙන්න ඕනේ කවුරුහරි.. "

"ඉතින් මං නාකි නෑ නේ"

අම්ම රව්ව රැවිල්ලක් නාකි වෙන්නම.. හොඳ වැඩේ මටත් අත්තම්මව බැනුම් අස්සන්න ගියා. අයියෝ අපේ ගෙදර කැවුම් එහෙම තව ඉවර නෑ..අම්ම ඉස්පිරිතාලේ ගිය වෙලාවක මම සමහර මෙලෝ රහක් නැති කැවුම් එහා වත්තට විසික්කරත් අනේ ඉවර නෑ. මට දැන් ඇති කැවුම්. දැක්කත් අසමෝදගම් බොන්න හිතෙනවා.

දැනුත් කකා ඉන්නෙ අලුවා වගයක්..

අපේ අම්මා කොස් උයන්න යන්නේ.. අප්පච්චි ගෙනල්ල දීලනේ ගියෙ. කොස් උයලා වැව් මාලු හදන්න යන්නේ. අද සයාන් අයිය කයි බත් පිගාන් තුනක් විතර..කාලා කාල ' චුට්ටො ඩෙනිම් තදයි ' ලු..  සයාන් අයියා හම්බකරන්නේ මට කන්න , මං හම්බකරන්න ඉන්නෙ සයාන් අයියට කන්න.

එයා මට ගෙදර වැඩ දුන්නා.. ඊයේ හවස අපි ඉංග්‍රීසියෙන් නේ කතා කරේ.. මං හොඳයි දැන්. ඒක හින්දා සයාන් අයියා මට ෆ්‍රෙන්ච් උගන්නන්නම් කිව්ව.. එයා එයාගේ යාලුවා නොයෙල් ගේ අංකේ මට දුන්න කතා කරන්න කියල. දැන් නොයෙල් දාන ස්ටේටස් එහෙමත් මට පේනවා.. ඒව නම් හෙන ආස හිතෙනවා- මෙලෝ දෙයක් නොතේරුනාට රූප බලන්න පුලුවන්න් නේ. සමහර ඒවනෙ නම් රූප තේරෙන්නෙත් නෑ.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now