ඊයේ හවස ගහපු ගොයම් කොළකැටි ටිකත් හෙට එළිවෙන ඩිංගට නැති වෙලා යනවනෙ. අපේ ගේ පැත්තට ටිකක් එහායින් තියෙන ස්තීර කමත ගොයම් පාගන්න ලක ලෑස්ති කරන ගොවියො දෙතුන් දෙනෙක්ම අදත් උදේම කුඹුරට ආවා. අපේ ගෙදර අය පහුගිය දවස් ටිකේ කොටහළු ගෙදරකට ගියපු හින්දා අම්ම නම් කිව්වේ කොයිකටත් කමතට නොයා ඉන්න එක හොඳයි කියල...
මම ළඟට විසාලව පෙනුනට ඈතට පොඩිවට පේන කමතේ ඉන්න මිනිස්සු දිහා බලාන අඹගහේ කඳ වටේ අත් බදාගත්තා.. මං ඉන්නේ ගහේ පහළ ඉදල දෙවෙනියට තියෙන ශක්තිමත් අත්තේ වාඩිවෙලා.
"එන්න බිමට"
"ඔයත් උඩට එන්න..මෙතනට නෙවෙයි අර උඩ අත්තට වැවේ එහා කොනත් පේනවා. මේ පැත්තෙන් ප්‍රධාන පාරත් පේනවා."
"බහින්න බහින්න"
"ඔය වැදි පැටියව ගස් වලින් බේරෙන්න බෑ පුතේ. ගස් වලින් වැටිල අන්ඩක් කඩන් හිටියත් හොඳ කරන් ආයේ නගිනවා"
සයාන් අයියා අම්මට යන්තන් හිනාවුනේ සමහරවිට එයාට අන්ඩක් කඩන් කිව්ව එක නොතේරුන හින්ද වෙන්න ඇති.. මම තවත් හරිබරි ගැහිලා ගහේ වාඩි වුනා..
"මේ දරුවට හොඳ අත්දැකීම් මේ දවස් ටිකේ"
"ඒකනේ ඒයි මං එදා පොඩිනම එක්ක කියනකොට උන්වහන්සෙත් කිව්වෙ ඒක. "
"උන් වහන්සේ අද දවාලට ලොකු නම එක්කන් එනවයි කියල කිව්ව නේද..අද ද හෙටද"
"හෙට හෙට.. කැවුම් කොකිස් ටිකක් අරන් තිබ්බ ආවාම ඇන්නයන්න දෙන්න"
අම්මයි අප්පච්චි කතාවෙන ඒවා අහගෙන සයාන් අයියා බංකුවෙන් වාඩිවුනා..මැටි පැටියට උඩ එන්න බෑලු නේ අපරාදේ හොඳ දර්ශනයක් මඟෑරවගන්නේ.ටිකක් වෙලා පිළෙ වාඩි වෙලා ඉදල කමතේ වැඩ අද ඉර බැස්සාම පටන් ගන්න අප්පච්චි ගොන්නු එක්කන් එන්න කියල ගියා.. අම්මත් ඒ අතරේ කුස්සියට ගියේ ගොන්කාරයොන්ට දෙන 'ගොන් බත'ට බාරගත්ත සලාදයක් හදන්න කියල.
"එනවකො උඩට අයියේ"
"ම්ම්..?? බෑ ඔයා පහල එන්න "
"බෑහ්...!! මම වැඩක් පෙන්නන්නද"
අත් බැදන් හිටිය කඳෙන් අත් අරන් මම බඩගාගෙන ඇවිල්ලා ගහේ දෙවෙනි අත්ත උඩ හිටගත්තා. ඒකරල ඒකේ වාඩිවෙලා කකුල් දෙකෙන් එල්ලිලා මූණ පහළ බංකුවේ වාඩිවෙලා ඉන්න සයාන් අයියගේ මූණ ගාවට අරන් ආව.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...