"නෑ තමා.. අයියා ගාව තියෙනව"
"කෝ"
"අයියා මෙහෙ නෑ. "
"සහසිත් අයියා මේකේ ලයිට් දාන්න කියන්නකො"
"අරකේ ලයිට් දාන්නලු"
සයාන් එක්ක මම පිළේ වාඩිවෙලා හිටියේ එයාගේ ස්මාට් ෆෝන් එකට සිග්නල් නැති එකට හේතු කියන ගමන්.. මේ ඉස්කෝලේ ඇරිලා යන පොඩි මල්ලිලා වගයක් අපේ ගෙදර ඇවිල්ලා එයැයිගෙ වාහනෙ පොඩ්ඩක් බලලා යන්න ඇහුව නේ ඒකයි අපි එළියේ ඉන්නේ..සයාන් එයාලට වාහනේ ලයිට් දාලත් පෙන්නුවා.. පොඩි අයට ආයෙ නෑ ඉතින්...වාහනේ දිලිසි දිලිසි තියෙද්දි අපේ ගෙදරට ඒක නම් කොහෙත්ම ගැළපෙන්නෙ නෑ..
"කවද්ද අයියේ මේ අයිය යන්නේ"
"යයි ටික දවසක් ඉදලා.. "
"අපි බලන්න එන්නද හෙටත්"
"හෙටත් ඕකම නෙවෙයිද ඉතින් බලන්න තියෙන්නෙ"
"අයියෝ අප්පා"
"මගෙ නෙවෙයිනේ වාහනේ"
"අහන්නකො එයාගෙන්"
සයාන් මාරුවෙන් මාරුවට මගෙ දිහයි පොඩි මල්ලිලා ටික දිහයි බල බලා ඉන්නවා..
"හා ද ??"
"හා"
මොකටද දන්නෑ එයා හාලුනේ..මම මල්ලිලා ටික දිහා බැලුවම එයාලා උඩ පැනගෙන වත්තෙන් එළියට ගියා.. එයාලා වාහනේ බලන්න ඉල්ලුවේ අපි දෙන්නට ජම්බු වගයකුත් ගෙනල්ලා දීලා.. ඒවා ඉවරයි..
"ඇතුළට එන්න.අව්ව සැරයි"
"ම්ම්"
මම උදේ වරුවෙම සයාන්ට සිංහල කියල දුන්න..ඒකරල එයාට ඉංග්‍රීසි අකුරින් සිංහල වචන ලියල දුන්න පාඩම් කරගන්න කියලා.මම අහපුවාම එයා වචන හරියට උච්චාරණය කරොත් මගෙ භාරේ තියෙන එයාම ගෙනාව ටොෆි චොක්ලට් වලින් එකක් එයාට ලැබෙනවා.. උගන්නලා ඉවර වුනාම මම ම ඒවා කනවා..
මට අනුව සාමෙන් නම් සාමෙන් ගේමෙන් නම් ඒත් සාමෙන්...!!
පොඩි මල්ලිලා ටික ගියාමත් මට මගේ පාඨමාලාවේ වැඩ වගයකට පරණ පත්තර වගයක් කියවන්න තිබුනා තොරතුරු හොයන්න.. මම ඒක කරනකල් සයාන් ආයෙම සිංහල පාඩම් කරා...
YOU ARE READING
සිලිලාර | COMPLETE
Lãng mạnගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...