"මද්දූ....!!!! මද්දූ......!!!!! මේ ලොකූ කතාකරනවා"
"ඉතින් එයා ගෙදරනෙ ඉන්නෙ මම පස්සෙ එන්නම්...!!!"
"හදිස්සි වැඩක් ලු මේන්"
කොට්ටපොර ගහන්න හයි කරපු කණු උඩ නැගගෙන ඒවා හයියට ගැටගහන ගමන් උන්න මං පාරෙ හිටිය අම්මට බෙරිහන්දීලා ආයෙම මගෙ වැඩේට බැස්ස.. ප්‍රෝඪාව ඔය අනේ , මම උදේ ඉදල වෙලේනේ ගෙට ගෙන්න ගන්න ඔය කතාකරන්නේ. අනික අයියා ඊයෙ හවස ගෙදරත් ඇවිල්ලා ඉන්නේ.
"මද්දූ...!!!"
"එනව එනවා..ඒ පසන් අනික ගැටගහපන්"
"ආයේ එන්නෙ නැද්ද."
"ගෙට ගිහින් තමා බලන්න වෙන්නේ"
එහෙම කියාගෙන කොට්ට පොර ගහන්න හදපු එකෙන් බැහලා අවුවට ඇස් දෙකත් හීනි කරන් සෙරෙප්පු දෙකත් දාගෙන මම කුඹුරෙන් ගොඩ ආවා. මගෙ ගඳ මටම දැනෙනවා දැන් නම්.
මේන් මං යනකොට ලොකූ සයාන් අයියා එක්කන් අර බංකුවේ කයියක්..
"මොකෝ එන්න කිව්වේ"
"අපි ??නෑ. අම්මා බැන බැන ගිහින් කතාකරේ"
"මද්දු..!! මේ ගිහින් නාගන්නවා රෑ වෙන්න කලින් . පණු බෙහෙත් බොන්නත් ඕනේ අද..ශික් මේ ළමය ගාව ගඳ."
"ඉතින් මම දාඩිය දදා නෙ වැඩ කරේ.. අනේ පස්සෙ එන්නම් අර ත-"
"මගෙන් ගුටි නොකා ගිහින් නාගන්නව"
මොන ලැජ්ජක්ද අප්පා මේ. සයාන් අයියා ඉස්සරහ බනිනකොට දැන් නම් මට ලැජ්ජයි හොඳටම. එයාට නම් හුරු ඇති. එයත් අම්මගෙන් බැනුම් අහනවනෙ. අනික අම්මටත් ඉන්නෙ කවුද අදාල නෑ නේ බනින්න ගහන්න ගියාම.මේ ටිකේම පුදුම බැණුම් තොගයක් අහන්නෙ මං. අවුරුදු කාලේ විතරයි මෙහෙම නටන්න තියෙන්නෙ.
මං පුප්ප පුප්ප ගිහින් ඇඟට වතුර එකක් දාගත්තා.සනීපයි නමුත් බෑ..අද තමා පරණ අවුරුදු ස්නානයත් තියෙන්නෙ. අපෙ අම්මා පණු බෙහෙත් ගේන්න කිව්වනේ ලොකූට. සයාන් අයියටත් එක්ක ගෙනාවෙ . එයා මීට කලින් එහෙම බීල නෑලු හින්දා අද ඉදල බොමු කිව්වා. මගේ මල්ටි විටමින් බෝතලේ ඉවර වෙලා ලොකූ ඒකත් ගෙනල්ලා තිබුන ඊයෙ.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...