"නැගිටලා එන්න. මම දන්නෑ යන තැන"
"ආහ්.. හා හා.. ටිකයි"
"ටිකයි නැගිටින්න"
"කොහෙද ඉන්නෙ"
"මම දන්නෑ"
මං ඇස් හීනි කරලා වීදුරු දෙකක් හරහා අපි ඉන්නෙ කොහෙද බැලුවා. ගමනාන්තෙට තව කිලෝමීටර් දෙක තුනක් තියෙන එකේ ආයෙම සයාන් අයියගේ උරහිසේ කොනකින් ඔලුව තියාගත්තේ නිදාගන්න. ඊයෙ රෑ මං හය වසරෙ ඉංග්‍රීසි පොතයි ගනන් පොතයි කියෙවලා උගන්නන්න ඕනෙව් විදිහ එහෙම හදාගත්ත හින්දා නිදාගන්නකොට හුගක් රෑ වුනා. උදේ අටේ බස් එකේ ටවුමට යන්න ආවත් මට නැග්ග වෙලාවේ ඉදල නිදි කිරෙනවා.
"නැගිටින්න"
"අම්මපා මං දැන් ගහනව ඈ.. මේ බස් එක නවත්තන තැනටම අපි යනවා. ඔයත් ඕනෙ නම් නිදාගන්න ඩ්‍රයිවර් ඇහැරවයි "
ඊට පස්සෙ සයාන් අයියා කටවහන් හිටියා. උන්දැගෙ මුල්ම බස් ගමන නිසා බයේ ඇත්තේ හැබැයි..මට ලියන කොළයි පෑන් දෙක තුනකුයි වගේ බඩු ටිකක් එහෙම ගන්න තිබුන එකේ ඒව අරන් කොණ්ඩෙත් කපාන ගෙඩිගේ පන්සලටත් ගිහිල්ලම එන්න කියලා තමා අප්පච්චිගෙන් මම සල්ලි ඉල්ලගත්තේ..
බස් එක ලොකු බස් ස්ටෑන්ඩ් එක ඇතුළට හරවනකොටම එතන තිබ්බ ගැට්ටට මුලු බස් එකම ගැස්සුන පාර මගෙ බෙල්ල වටයක් කැරකිලා වේගෙන් අපි වාඩිවෙලා ඉන්න සීට් එකේ බටේ වැදුනාම මගෙ නිදි මත ආයේ නොඑන්නම ගියා..
"මං - ආයේ - එන්නෙ නෑ කොහෙවත් යන්න.. දුෂ්ටයා"
"මම මොනවද කරේ"
"කරා මගුලක්.. එනව බහින්න "
ඔලුවෙ පිටිපස්ස රිදෙනවා නිකමට ඇහුවද රිදෙනවද කියලවත්. සයාන් අයියට මගෙ පස්සෙන් එන්න වත් නොකියා මම මට ඕනේ පොත් කඩේට ගියා.. ඒකෙන් ඕනෙ කරන බඩු ගත්තාම සයාන් අයියා සෑහෙන ලොකු ගානක් දීලා ඒෆෝ කොළ බන්ඩල් එකක් ගත්තා.. ඉතින් එයා මටත් එක්ක සල්ලි දුන්නා... එහෙම හැමදාම එයාගෙන් සල්ලි ගන්න බැරි හින්දා මම එයාට නොදැනෙන්න අයියගෙ ඩෙනිම් කලිසමේ පිටිපස්සෙ සාක්කුවට මගේ මිලට හරියන සල්ලි දැම්මා.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...