56 කොටස

217 42 72
                                    


කඩුගන්නාවේ ආවට පස්සේ මගේ ජීවිතේ පුදුම විදිහට වෙනස් වෙන්න ගත්තා.. වෙන වෙන රටවල් වල එහෙමත් උගන්නන පාඩම් වලට සම්බන්ධ වෙලා මම French English සෑහෙන  මට්ටමකට ගොඩ දැම්ම. සයාන් අයියා වුනත් ගෙදර මට ඒ වෙන භාශාවල් වලින් කතා කර කර ඒවා මට පුරුදු කරා..ආයේ මම ෆිල්ම්ස් ටීවි සීරීස් එහෙම බලලා සෑහෙන අලුත් වචන ඉගෙන ගත්තා. 

සයාන් අයියත් ගෙදර එක එක ආට්ස් වර්ග කරනවා , එයා ඊට අමතරව වැහෙන්න තිබුන ගාමන්ට් එකක් බාරගෙන ඒක ඩිවලොප් කරනව. තාමත් කොවිඩ් රටේ තියෙන හින්දා තැනකට ගිහින් වැඩක් කරන්න පුලුවන් පරිසරයක් නෑ.. එහෙම වුනාට සයාන් අයියා දැන්ම ඇප්ලිකේශන්ස් දාලා ඒ වගේ ගාමන්ට් එකක වැඩකරන්න කට්ටිය හොයාගන්නවා. ඒකෙත් හොඳකම කියන්නේ කොවිඩ් හින්දා ආදායම් මාර්ග නැතිවුන ගොඩක් කට්ටිය මේවගේ ඒවට වැඩ කරන්න එනවා. අනිත් ලොකුම කොට්ටාසේ කලින් ආණ්ඩුවේ හිටිය සේවකයෝ එහෙම රස්සා නැතිව ඉන්නව නේ , ඔය වාහන වල එහෙම වැඩ කරපු අය. ඉතින් දැන් එයාලට සයාන් අයියාගේ ළඟ වැඩ එන්න යන්නේ.

මමත් භාශා දෙක තුනක් ම පුලුවන් හින්දා freelancer  කෙනෙක් විදිහට වැඩ කරනවා ගෙදරට වෙලා, අමතරව.. අනික මම ඔන්ලයින් අට වසරට වගේ එනකල් ඉංග්‍රීසි උගන්නනවනේ, ගණන් උගන්නන එක නතර කරා මට කරන්න තියෙන පාඩම් වැඩත් එක්කලා.. සාධාරණ ගානක් හින්දා ඒකට රට වටේ ළමයි සම්බන්ධ වෙනව..ඒව මේව හින්ද කඩුගන්නාවේ ගෙදර මට දුන්න පොත් කාමරේ වයිට් බෝඩ් එක්කුත් හයිකරා....

කොච්චර වැඩ තිබුනත් අපෙ අම්මා සයාන් අයියට කෝල් එකක් දීලා ' පොළොස් ඉව්වා ' කිව්වොත් නානා ඉන්න ගමන් සබන් පිටින් හරි මාවත් වාහනේ දාගෙන ගෙදර එක්කන් යන්නත් සයාන් අයියට කඩිගායක් ඇවිල්ලත් තියෙනවා.

අද ඇඳිරි නීති නැති හින්දා සයාන් අයියා උදේම ගියා එයාට ගෙදර කරන්න ඕනේ ආට්ස්, ක්‍රාෆ්ට්ස් වලට බඩු අරන් එන්න..මට ඊයේ රෑ නවයත් පහුවෙනකල් හය වසරේ අයට පන්තියක් තිබිලා ඒකෙන් පස්සේ මට හින්දි ලෙසන් එකක් තිබුනා.. ඒක මම  එච්චර ආසාවකින් ඉගෙන ගන්න එකක් නෙවෙයි අර නිකන් ලේසි හින්දා ඉගෙන ගන්නවා වගේ එකක්. ඒක පාන්දර එක වගේ වෙනකල් තිබිලා ඒකෙ දුන්න වැඩත් එහෙමම ඉවර කරල මං නිදාගන්නකොට දෙකටත් කිට්ටුයි. මං ඇඳට වෙලා ඉගෙන ගත්ත හින්ද සයාන් අයියත් මගෙ අස්සෙන් නිදාගත්තා.. 

සිලිලාර | COMPLETEWhere stories live. Discover now