50 කොටස

201 43 50
                                    


අපි තාම වෙසක් කූඩු හදල ඉවර කරේනෑ. සයාන් අයියට වැඩක් පටන් ගත්තාම රටේ නැති මඟුල් කියවන්න ඕනෙ නේ. තව වචන මතක් කර කර එයාට හිතෙන හිතෙන අකුරුත් දදා පල්හෑලි කියන්න ගියාම එකම එක වෙසක් කූඩුවක් විතරයි අපිට සම්පූර්ණයෙන්ම අලවලා ඉවර කරන්න පුලුවන් වුනේ..අපිට ඇඳිරි නීතිය දාලනේ රටේ නම් ලොවේ නැති කලබල අපි ඒව බලන්නෙ නැතුව ඉන්න හිතුවා.

සයාන් අයිය දන්නෑ මම එයාගේ පස්සෙ පාප්ප ගාලා සව් කොළ රැල්ලක් ඇලෙව්ව කියලා. අර එයාට නෙස්ටමෝල්ට් එකයි මට මයිලො එකයි හදන්න එහෙට මෙහෙට යද්දි ඒක එහෙට මෙහෙට පැද්දෙනවා..

"ඔයාට ඇඟට අමාරුද චුට්ටො"

"හ්ම්ම්ම්ම්.. පොඩ්ඩක් මහන්සි වගේ"

"නිදාගන්න. ඒක තමා බෙහෙත"

"නිදාගන්නත් කම්මැළි වගේ මට."

සයාන් අයියා අපෙ කෝප්ප දෙක අරන් මගෙ ගාවට ඇවිල්ල වාඩිවෙලා මගේ ඉස්සරහින් මගෙ මයිලො එක තිබ්බා.. ඒ වුනාට මම නැගිටලා ගිහිල්ල සයාන් අයියගෙ ගාවින් වාඩිවුනා. එයා ආයෙම මගෙ මයිලො එක අපි ගාවට ගත්තා.

"නාන්න ඕනේ"

"උණ වත් හැදෙයිද"

"නැහ්.. නාලා නිදාගන්න ඕනේ. මට පාඩම් වැඩ ත් තියෙනවා. මම මෙ ටිකේම මගෙ විටමින් බිව්වෙ නෑ ඒක නිසා තමා මේ. මට ඉස්කෝලේ කාලේ ලේ අඩු වුනානේ, අර අර අපි ඉස්කෝල ඇරිල ගෙදර එන්නෙ තුනට හතරට වුනාම බඩගින්නෙ ඉදලා එහෙම තමා අසනීප වුනේ"

"ආ.....මේක බොන්න"

පාප්ප පිටින්ම මම මයිලො එක බීගෙන බීගෙන ගියා. සයාන් අයිය නම් එයාගේ නෙස්ටමෝල් එක හෙමීට හෙමීට බිව්ව. මම බීලා ඉවර වෙලා එයාට හේත්තුවක් දාගෙන අර දිඟ ඇඟිලි එහෙට්ට මෙහෙට්ට කර කර හිටියා.

"මං නාන්නම් ගිහින්"

"ම්හ්.. හා"

ඒ වුනාට මගෙ ඇඟ පැද්දෙනවා වගේනේ. කණ්නාඩි ගැලෙව්වාම වැඩිද මන්දා. නිකන් අලුතු රස්නයක් එනවා. දැන් මම විටමින් බිව්වෙ නෑ කිව්වාම අම්ම හොඳටම බනියි.. ශේප් එකේ ගෙදර ගිහිල්ල ඒක අරන් එන්න ඕනේ හවස.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now