40 කොටස

996 156 109
                                    


"බුදු සරණයි.... හා හා  බුදු සරණයි. ලොකූ ගිහිල්ල මට කෝල් එකක් දෙන්න ඕනෙ ඔන්න. ලබන මාසෙත් බැරි වෙයිද මාරුව හදාගන්න මෙහෙට"

"බලමුකො අම්මා. දෙන්නෙ නෑ ඉතින්"

"හිත වෙන්නැති දෙන්නෙනෙ නැත්තෙ එහෙ දාලා එන්න. ඔවාගෙ පිළිවෙලක් එහෙම තියෙනව කියල මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. දෙන්න කතාබහ කරල අඳුරගෙන ඉන්නෙ නම් දෙමපියෝ මුණගස්සන එක නරක නැද්ද"

අම්මගේ කෑම ජාති මල්ල බයික්කෙ බැද බැද හිටිය ලොකූ සයාන් අයියගෙයි මගෙයි පැත්ත හැරිලා රැව්ව  ආදරේට. සයාන් අයිය නම් ලොකූ මේ පැත්ත හැරෙනකොටම උඩ බලාගත්තනේ මට තමා රැව්වේ.

"ම්ම්"

"පරිස්සමට යන්න ඔය පාරවල් වල"

"මං ගිහින් එන්නම් "

ලොකූ අප්පච්චිටයි අම්මටයි එහෙම කියල ආයෙ අපි දෙන්නට රැව්ව.. හකුරු මිශ්‍ර කිරිබත් කාපු ලොකු ළමයි දෙන්නා රැකී රස්සා සඳහා පිටත් වෙන්න නේ යන්නෙ. අප්පච්චිත් ඒ නැකතට එලි බැස්සා හේන්ට යන්න. මේ ටිකේ හරීයට වැඩ අප්පච්චිටත්. ලොකූගේ බයික් එක ගියාම සයාන් අයියත් බත් එක දපු කොටු රෙද්දෙන් මහපු පොඩි බෑග් එක කරේ දාගෙන වතුර එකත් අතේ එල්ලන් ඒ  දිහා බලන් ඉදලා  වාහනේ පැත්තට ගියා. අද ඒ මල්ලෙ තියෙන්නේ කොකිස් වගයක්.

"අද අර කාගෙද මළගෙදර ඔයා යන්නෙ නෑ නේ පුතා"

"නෑ අම්මා. මං එනවා 12 ට"

"පරිස්සමෙන් ගිහින් එන්න "

අයිය හිනාවෙලා ඔලුව වනලා වාහනේ එයාගේ දොර ඇරියාම මමත් ගියා - සෝබනේට. ගිහින් ටයර් බලල දීලා එයාවත් යැව්වා. අප්පච්චිත් මට උදලු මිටෙන් පස්සට පාරක් දීලා හේනට යන්න ගියා.

"ආ අම්මා~...කන්න මොකුත් නෑ ?"

"ආන් අර හේනට ගිය එකාගේ ඔලුව කාපන්"

"ඒක අම්ම කාලනෙ ඉන්නෙ අපි මොනව කන්නද. අර බිස්කට් එක කඩන්නද"

"මේ තියෙන ඒව කාල ඉන්න. අර දොදොල් කෑල්ලක් එහෙම තියෙනවා පුංචිඅම්ම දුන්න"

දොදොල් නම් මනාපයි කැවුම් නම් තිත්ත වෙලා අප්ප. නෑගම් ගියාම කැවුම් කොකිස් තේ එක්කත් දීලා ඔතලත් දුන්න. කනව කියල ඔච්චර කනවද අනේ. අලුවා වැලිතලප පැනි වලලු වගේ ඒව නම් තව කමක් වත් නෑ. මං කුස්සියට ගිහින් දොදොල් පත සයිස් කෑල්ලක් කපල අරන් මේසෙන් වාඩි වුනා. අම්මත් උදේ උයපුවා අස් කරන්න ගත්ත. ඇයි හකුරු මිශ්‍ර කිරිබතුයි බතුයි  කීයක් ඉව්වද.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now