30 කොටස

223 44 87
                                    


"ඒ වුනාට මට ට්‍රිප් එකක් යන්න ඕනේ අනේ"

"මද්දු මේ.. කෝ උණ නැද්ද දැන්" 

සයාන් අයියා එදා ගෙනාව කේක් එකේ භාගයක්ම තාම අපෙ ගෙදර තියෙනව දැක්ක මම ගෙට ආව ගමන් ඒකම පොඩි කෑලි වලට කප කප කෑව. එකම කෑවොත් නේ අම්මා බනින්නෙ ඔච්චර ගොඩක් එක පාර කන්න එපා කියල. 

"උණ උණ හොදවෙයි ට්‍රිප් එකක් එක්කන් ගියාම"

"බෙහෙත් වලට කීයද කොල්ලා.. අර පුතාගෙන් ඇහුවාම එයා ඕනේ නෑ කිව්වා. ඒ වුනාට අනේ මන්දා"

"එයා ගිය ආත්මේ දන් දුන්නෙ නැති හින්දා මේ ආත්මේ එයාට ගොඩක් දේවල් නැති වෙලා ලු..ඒ හින්දා මේ ආත්මේ දන් දෙනවලු"

අම්මා මගේ දිහා බලන් ඉන්නව මම ඇස් කොනෙන් දැක්කත් මම අම්ම දිහා බලන්නෙ නැතිව කේක් කෑල්ලක් කටේ දාගත්තා. අම්මට රෙදි ගොඩක් හෝදන්න වෙලානේ. මම සයාන් අයියා දුන්න යටකලිසමක් ඇදන් ඉන්න ඕනේ හින්දා උදේ ඉදලා ඒක ඇදන් ඉදල ඇඟත් හෝදන් හවස් වෙලා තමා අපෙ ගෙදර ආවේ.. එන්න හේතුව හෙට කැම්පස් මට.

"අම්මා ලොකූ සල්ලි එවන්නෙ නැද්ද ඇඳුම් ගන්න"

"තව මාර්තු නේ ළමයෝ පඩි ලැබුනාම එවයි"

"ඉතින් අනේ අද දහ වෙනිද . පඩි දෙනවනේ"

"දුන්න ගමන් අපිට එවයිද"

"ඔව් කෙල්ලෙකුත් ඉන්නව නේ එයාට"

"ආයේ මොකියක්ද කරගහන් ඉන්නෙ ඒ ගමන"

ලොකූට කියන්න පණ නැත්තන් මම වත් කියන්න එපායැ අනේ.. අනික ඕවා අයියම කියනවට වඩා කවුරුහරි ලව්වා කියවන එක ලේසි වැඩේ. ඉස්සර  මල්ලියි මායි අයියයි අපි තුන් දෙනාට ඕනෙ එපා ඒවා මාරු කරන් කියනවා අම්මට හරි අප්පච්චිට හරි.. දැන් මල්ලි අපි දෙන්නගෙම අයියා වෙලානේ අප්පා. මම තමා පොඩිම කෙනා.

"කෙල්ලෙක් ව"

"මොනව කරන කෙනෙක්ද "

"ම්ම්ම්ම්...නුවරඑළියෙම කෙල්ලෙක්. ඒ කෙල්ල අඹේවල වැඩ කරන්නේ මං හිතන්නේ. සත්තු සම්බන්ධම කෙනෙක්"

"හොඳ කෙල්ලෙක් වුනොත් හොඳයි වැදගත් පවුලක. දැන් බඳින වයස ඔය කොල්ලා ඔහොම හිටියට"

සිලිලාර | COMPLETEWhere stories live. Discover now