මොනවා නැතත් මම නැගිට්ට වෙලාවේ ඉදලාම වැඩ අතෑරලා හිටියේ...
සයාන් අයියා නම් උදේ නොනගතේට කලින් පොතක් කියෙව්ව. එයා ඊයෙ රෑත් ඒක කියෙව්ව.පුදුම පොත් ගොඩක් මෙයා කියවන්නෙ. ලොකූ අප්පච්චි එක්කන් එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටිය උදේ වෙලාවෙම. ඒව ඉවර කරන් එයාලත් මං බල බල හිටිය ටීවි එක ගාවට ඇවිල්ලා වාඩිවුනා. මං උදේ ඉදල අපෙ ටීවි එකේ දෙරණෙ කලා ගමේ අවුරුද්ද බලනව. පස්සෙ ලොකූයි මායි සයාන් අයියයි හොරෙන් හංගන් ආස්මීයක් පැයකට කිට්ටු වෙන්න කෑවා. ඇයි ඉතින් අම්මා කකුල් වලට රෝද හයිකරන් ටීවි එක ගාවින් එහෙට යනව මෙහෙට යනවා අපිට ආස්මීය පරිස්සම් කරගන්න බුදු ගේමක් දෙන්න උනේ.
"හිනාවේ කැත නේ.. හැක හැක ගගා.."
"ඔව්ව්..තමුසෙගෙ හිනාව වගේ.. ඇයි-? ඇත්ත කිව්වම රිදෙනවද ආ මට ගහන්නේ. තමුසෙනේ හිනාවෙනකොට කටපත්ත ඇරන් ගමක් දෙක වෙන්න හිනා වෙ-ආයි-තව ලග ඉන්න- දැන් මම දෙනව ඈ- ලග ඉන්න උනුත් ගුටි කන්න ඕනේ"
"අම්මා...!!!!!!"
"ආයේ රණ්ඩු වුනොත් මම ටීවි එක ඕෆ් කරනවා ඇවිල්ලා"
මං නැගිටලා සයාන් අයියව මැදට තල්ලු පුටුවේ අයිනට ගියා.. ආස්මී එක මගෙ ගාවනෙ තියෙන්නෙ. දෙන්නැ අර පරදේසක්කයට.
"ඕක දීපන් නැත්තන් මං අම්මට කියනව තමුසෙ හොරෙන් ආස්මී උස්සලා කියල "
ආසිමීය ලොකූට දුන්නා. සයාන් අයියා මට කෑල්ල කෑල්ල කවයි.. මං කකුල් දෙකත් උඩට අරන් සයාන් අයියගේ උරහිසෙන් ඔලුවතියාගත්ත. ලොකූත් එයාගෙ ඔලුව එතන තමා තියාගෙන ඉන්නේ.. සයාන් අයියා ඔලුව බිත්තියට හේත්තු කරන් හොරෙන් ආස්මී කනවා. මගෙ කටටත් දානව.
"උන්ගෙ මේකප් බලපන්කො"
"සිරා...!! අර අර නිළිය කවුද මං දැකල නැ"
"දෙවෙනි ඉනිමෙ අලුත් ලිහිණි නේ.මං දැකල තියෙනවා"
"අසේනි දැක්කෙ නෑ- ආ මම මොකද මේ කතාකරන්නෙ තමුසෙට නෙවෙයි කිව්වේ."
මං හොදට හරිබරි ගැහිලා වාඩිවෙලා ආයේ සයාන් අයියගේ උරහිසෙන් ඔලුව තියාගත්තා. එයා නම් ඇද කුද හොයන්නෙ නැතුව බලන් ඉන්නවා. අපෙ වෙලේ අවුරුදු උත්සවේ එකොළහට පටන් ගන්නව. ඒකටත් යන්න ඕනේ , අම්මෝ මං නොයා කොහොමඩ ඕක ලක ලෑස්තිකරන්න මම අම්මගෙන් කොච්චර බැනුම් ඇහුවද. ඒකෙ පොඩි අයගේ අවුරුදු කුමරා කුමරිත් තෝරනවා. ඒකට අපෙ ගෙදර තමා අදින්නෙ එයාලා. තව ටික්කින් හැත්ත බුරුත්ත එයි මෙහෙ.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...