"ආ මද්දු.. යාලුවෙක් හම්බෙලා ඉන්නේ"
"එහෙමයි එහෙමයි.."
"හා හා තෙරුවන් සරණයි. අප්පච්චි කෝ කුඹුරෙද"
"ඔව් අපෙ හාමුදුරුවනේ අර ඉන්නේ"
"ගිහින් එන්නම්කො මං"
ගමට එන බස් එකෙන් අපෙ ගේ ගාවම නවත්තපු පාර පාරට වෙලා හිටිය මායි සයාන් අයියයි බැලුවේ කවුද බහින්නෙ කියල. බැලින්නම් අපෙ ලොකු හාමුදුරුවොයි පොඩිනමයි.. ලොකු හාමුරුදුරුවොන්ට වැන්දාම උන් වහන්සේ කුඹුරට බැස්සෙ පොඩි නම සිවුරයි ගිනි පාට බෑග් එකයි හරියට හදාන මගෙ ගාවට එද්දි..
"පාරෙමයි නේ"
"ඇයි ඔබ වහන්සේ මාව උස්සන් ඉන්නවද"
"කරට දුන්නත් ඔයා වගේ එකෙක්ව නම් බාර ගන්නෙ නෑ.. අම්මත් කුඹුරෙද ඒත් පේන්න නෑ නේ"
"නෑ ආන් ගේ. උදේ ඇඳ රෙදි එහෙම හෝදලා දාල දැන් අර කුඹුරෙ ඉන්න අයට දවල් කෑම හදනවා"
"දැන් මොකද ඔයා කරන්න ඉන්නේ"
"උඩ බලන් ඉන්නවා.. ආ අම්ම කිව්වෙ නැද්ද මම හය වසරෙ ළමයි ටික්කට ගණන් උගන්නවා. අම්ම නම් ඉංග්‍රීසිත් කරන්නලු . අච්චු පොත් බලලා බලන්න ඕනේ. මෙයත් ඉන්නවනේ"
මම සයාන් අයියව පෙන්නලා කිව්වම පොඩි නම එයාට හිනාවක් දුන්නා..ඊට පස්සෙ පොඩි වෙලාවකට අපි අතරේ මොකුත් කතාවක් ඇති වුනේ නෑ. පොඩිනම කියන එක කොච්චර දුර හිතවත්කමක් ද.. අපේ ගිය අවුරුද්දෙත් මේ කුඹුරු වල ඇතිවෙන්න නටපු සහෝදරයො වෙලා හිටියනේ.. ගිහින් ඔලුවට පාරක් ගහලා බෙල්ලෙන් අල්ලලා බිම දාලා එහෙම නැත්තන් බොරූ දෙයක් අල්ලන් බැනගෙන බැනගෙන ගිහින්; එච්චර දේවල් ඕනෙ නෑ ඒ රණ්ඩුවලට මගෙ සෙරෙප්පුව දාන් පාරට ආවත් ඇති මම උඩ පැන පැන ඇවිත් දෙකක් දීලා සෙරෙප්පු දෙක දාගන්නේ.. එහෙම හිටිය කෙනාට තමා දැන් මේ යන්තන් හරි ගරුනමක් දීලා කතා කරන්න වෙන්නේ..
"එහෙම වත් එකක් කරන්න . ගෙදෙට්ට වෙලා ඔහේ ඉන්නෙ නැතුව"
"මම කැම්පස් එකට යනවා"
"ඕක- මම තාම පොඩිනේ මට එහෙම දෙයක් තේරෙන්නෙ නැතුව ඇති මද්දු අයියෙ. ඔයා හිතල බලන්නකො ඕකෙන් වෙන වාසි අවාසි ඒවා හිතල බලලා දිගටම කරගෙන යන්න එහෙනම්"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Roman d'amourගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...