"චහ්..."
කඩල ඇටයක් ප්‍රමාණයේ ක්ලෝගාඩ් බෝලයක් දාගෙන දත් බුරුසුව කටේ ගහගත්තා විතරයි. දත්බුරුසු රේසර් දත්බෙහෙත් එහෙම දාල තියෙන පෙට්ටියට දත්බෙහෙත් එක ඈත ඉදල විහික්කන්න ගිහින් ඒක වැටුනා කියහන්කො ටැංකියට. නැගිට්ට ගමන් බාල්දිය ටැංකියට දාලා වතුරත් බාගෙට නාගෙන ඒක ගන්න බුදු ගේමක් දෙන්න වුනේ මට..
"දැම්මද ඒකත් ටැංකියට"
" ගත්තා ගත්තා අනේ"
"තියෙන දහජරාව ඔක්කොම ටැංකියට ඔබනවා හෝදන්න කවුරුත් නෑ ඒකත් මම කරන්න එපෙයි"
මෙහමනෙ අම්මට ටැංකිය හෝදන්න උදව් කරන්නද අහපුවාම වැඩ දෙක නොකර යන්න කියල දැන් බයිනවා. අම්මත් කිව්වට හැදෙන්නෑ ඒත් අපිට බනිනවා කොච්චර කිව්වත් මේ ළමයි හැදෙන්නෑ කියල..ඒක හින්දා අම්මට බැනගන්න දීලා මම දත් මැදලා මූණ කට හෝදන් උදේ අවුවට වෙලා පොඩ්ඩක් හිටියා. ඔය අවුවෙන් අපෙ ටෙස්ටෙස්ටරෝන් වැඩි වෙනවයි කියනවනෙ.. ඇරත් සනීපයි ඒ රස්නේ.
"කෝ අම්ම සයාන් අයියා"
"නුවර ගියා උදේම"
"ඈ...??? මට ඊයේ කිව්වෙ නෑ නේ"
"හයට විතර ගියේ.. තේ බොනවද "
"නෑ කනව. මම එන්නම් ගෙට"
"බෙදාගෙන කන්න එහෙනම් මම මිදුල ඩිංගක් අතුගාලා එන්නම් "
උදේ නැගිට්ට ගමන් තේ බොන එක හෙන ආතල් වැඩක්. අර ඇඟමෑලි ගති එහෙම අයින් වෙලා පොඩි විනෝදයක් හිතට එනව . උදේම බත් කන එක අමාරු වැඩක් - ඒක හින්දා මම හිතුව අමාරු වැඩේ කරන්න.. කාගෙන හරි බත් කන්න. මිහිර පත්තරේ තිබ්බ ලිපියක මම කියෙව්වෙ මිනිස්සු හැමවෙලාවෙම ඉක්මනින් ආස්වාදයක් එන දේවල් කරන්න ගිහිල්ලා වටිනාකම වැඩි දේවල් නතර කරගන්නව කියල. මට එහෙම වෙන්න ඕනෙ නෑ..
අම්මා මිදුල අතුගාන අතරේ මම අම්ම කොයිහරියෙද ඉන්නෙ බලලා අපෙ ලෑන්ඩ් ෆෝන් එක ගාවට ආවා. ඒකරල ඒක ගාව තියෙන නම්බර් පොතේ තියෙන සයාන් අයියගේ අන්කේ ගහලා අම්මගෙ ඉදල් සද්දෙත් එක්කන් රිසීවරේ කනේ තියාගත්තා.. රින්ග්ස් දෙකක් තුනක් ගිය ගමන් අයියා එහා පැත්තෙන් හෙලෝ කිව්වා.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Storie d'amoreගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...