13 කොටස

294 61 45
                                    


"පිට නමන්න.. නටවන්නෙ නැතුව ඉන්නවා මද්දු"

".........."

" කෝ මේ ලඟට එන්න වතුර එකක් දාන්න.. ඔය අස්සල් මුල්ලවල් හොඳට අතුල්ලගන්න. පිදුරු ගොඩේ නටල නටල නැති සත්තුත් ඕවයෙ ඇති. මෙ හීරිලා හැමතැනම"

"දනවා ඒවා..ආයී..."

"නටන්න කලින් හිතන්න එපෙයි. ආ නාගන්න ඉතුරු ටික"

මම මූණ දෙක කරන් අම්මා දුන්න ගල අතට ගත්තා.. අහවල්ලුන්ට හිනා.. උලුවස්සට හේත්තුවෙලා අත් දෙකත් බැදගෙන ඉන්න හැටි.. වතුර එකක් ගහගන්න නැතුව මම පුදුම ඉවසීමකින් ඉන්නේ.  අම්මා මගෙ පිටේ සබන් හේදෙන්න වතුර එකකුත් දාලා ගෙට ගියාම මම සබන් පෙට්ටි පියනෙන් සයාන් අයියට වතුර පාරක් ගැහුවා..

"හොඳ වැඩේ"

"අනේ මේ.. මගෙන් වචන ඉගෙන ගෙන මට ම ඒව කියන්න එන්න එපා . නාකියා...."

පිට දනවත් එක්ක.. පිට විතරක් නෙවෙයි ඇඟම දනව  පිඳුරු ගොඩවල් වල නටල. මම නිදාගෙන නැගිටිනකොට උදේ එකොළහට විතර ඇති. බාගෙට මූණත් හෝදන් මම කුඹුරට දිව්වේ සයාන් අයියා තව නිදාගන්න ඕනේ කියල ගෙදර ඉන්නැද්දි.. පසනුයි ටික්කයි මායි සතිඳුගේ යාලුවෝ ටික දෙනෙකුයි තව ඔය අහල පහල කොල්ලො ටිකක් එක්ක අපි කුඹුරෙ අල්ලන සෙල්ලන් කරේ ඒ ගිය වෙලාවේ ඉදල.. සයාන් අයියට දෙපාරක්ම එන්න කිව්වම එයා කුඹුරට ආවත් සෙල්ලන් කරන්න ආවෙ නෑ. හන්දිපත් අමාරුව එහෙම ඇති අපිට නොකිව්වට.

හවස පහට කිට්ටු වෙලා එයා කුඹුරට ආවේ නාලා එහෙම සුවඳ ගහ ගහ.. ඒ මේ සෙල්ලන් කරන්න නෙවෙයි අපෙ අම්ම මට ගෙදර එන්න කියල දෙන අවසාන පණිවිඩේ අරන්.. ආව ගමන් අම්මා දුන්න පස්සට පාරක් අඩියක් විතර ඉස්සරහට විසික්වෙන්න. ඒකරල එළියෙන්ම නාගෙන එන්න යැව්ව. ඒකරලත් තව පිටත් අතුල්ලන්න ආවා..

"ලැජ්ජ නැද්ද අනුන් නාන ඒව බලන් ඉන්නේ .මට නාන්න දීල යනවකො අහකට"

මම කිව්ව එක වචන ගානේ නොතේරුනාට සයාන් අයියා ගේ ඇතුලට ගිය.. ටිකකින් ගේ ඇතුළෙන් කෑකෝ ගෙදර කාටූන් එක බලනවත් ඇහුන එකේ මම එයා එන්නෙ නෑ කියල දැනගෙන අම්ම කිව්ව අහුමුලු වල සත්තු යන්න හොඳට නෑවා.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now