සයාන් අයියගෙ නින්ද පැය දොළහකට කිට්ටුයි. උදේ අම්මා ඇවිල්ලා කෑම දීලා සයාන් අයියවත් බලලා ගියා.. අම්මා කොත්තමල්ලි සමහන් එහෙමත් අරන් ඇවිල්ලා මාස්ක් තොගේකුත් එක්ක. මේ බෝම්බ උණුහුම හිත් අස්සේ තියෙනකොට කොරෝනා වයිරස් එක ලෝකේ එහෙ මෙහෙ හරියට පැතිරිලා පැතිරිලා යනවලු. ලංකාවෙත් සංචාරක චීන ජාතිකයෙක්ට තියෙනවා කියලා වාර්ථා වෙලා ලු ඊයේ.. ටීවි එකේ නිව්ස් පැය කට වඩා යනවලු මේ විස්තර කියන්න.. හැමවෙලාවෙම අත් සෝදලා එළියට බහිනකොට මාස්ක් දාගෙන ඉන්න කියල කියනවලු ඒවගෙත්..
"මොනවද අප්පාවේ කල්පනා කරන්නා"
"අම්මා කෝ"
"අම්මා ගියා මම අම්මා එක්කන්- ඔයා අහන්නේ ඔයාගේ අම්මද"
"ම්. තාත්තා මල්ලිල මැරුනා අනිත් අය කෝ"
"මං දන්නෑ නේ"
මම බොරුවක් කිව්වේ. මට ගොඩක්ම විශ්වාසයි ඒ ගොල්ලො අකුරණ පැත්තේ ඉන්නවා කියලා. සයාන් අයියට ඒක කිව්වොත් එයා මෙ ලෙඩ පිටින්ම එහෙ දුවයි..
"එයාල වැරදි කියල ගහනවද"
"එහෙම කරන්නෙ නෑ අම්මට. ඔයා කලබල නැතුව ඉන්නකො"
"අම්ම ගාව ඉන්න බැරිද මං"
"අපි පොඩ්ඩක් බලමු. අර අපෙ අම්මා කිව්ව නේද කොරෝනා කියලා ලෙඩක් තියෙනව කියලා. දැන් රටේ ගොඩාක් කලබල. අම්මට ඒක හින්දා ප්‍රශ්න නොවී තියෙන්න පුලුවන්. කොරෝනා කියන්නේ බෝවෙන ලෙඩක් ලු"
"ම්"
මම ගිහින් ඇඳෙන් වාඩි වුනාම සයාන් අයියා බිබී හිටිය තේ කෝප්පේ මට දීලා මගේ උරහිසට හේත්තු වුනා..මම ඒක එහෙම බිමින් තියලා අයියව වාරු කරගෙන එයාගේ ඔලුව උඩින් මගෙ කම්බුලක් හේත්තු කරගත්තා. මට එයාගේ හිත කියවන්න පුලුවන් වුනා නම් මම හිතන්නෑ මට එච්චර දරාගැනීමක් තියේවි කියලා. සයාන් අයියා උදේ දැක්කා එයාව රස්සාවෙන් අයින් කරයි කියල ආව ඊමේල් එක.. එයාට හිතෙනව ඇති දැන් එයාට මොනවද තියෙන්නේ කියලා...
"අම්මා ඔයාට එන්න එපා කියල මඟෑරියේ මේ හේතුවට නේද. බලන්නකො තාත්තලා කල්ලි ගැහිලා මේව කරලා තියෙනවා. එදා හකීම් ඇඬුවා එයාට මේ පවුලෙන් අයින් වෙන්න ඕනෙ කියල. ඒවගෙ භයානකකම දැකලා තමා අම්මා ඔයාව මගෑරියේ.. තාත්තා ඔයාව මඟෑරියේ ඇයි කියල මං දන්නෑ"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...