29 කොටස

340 85 63
                                    


"හෙම්බිරිස්සාව හොඳට"

"ම්ම්.... ඔලුව රිදෙනවා"

සයාන් අයියා ගේ අතුගාලා කුණු ටික එකතු කරලා කුණුබාල්දියට දාලා ආයේ කාමරේට ආවා. හච්චින් ගිහින් ගිහින් මට මහන්සියිත් එක්ක.. ඒවගෙන් පස්සේ ඔන්න යන්තන් හෙම්බිරිස්සාවක් හැදුනා මට.. ඒ හෙම්බිරිස්සාවට ඔලුවත් එක්ක රිදෙනවා. සයාන් අයියා මගෙ නලලට අත තියලා ඇඟ රස්නෙද බලලා මොකුත් නොකියා කුස්සියට ගියා.

මේ මං ඇදගෙන ඉන්න එයාගේ කලිසමේ පටියක් තියෙනව මට ඒක ගැටගහගන්න බෑ මගෙ ගානට. ඉස්සරලා ඉදලම උස්ස උස්ස හිටියට මේක මල වදයක්. සයාන් අයියත් එනකල් මම ඇඳ ගාව ඒක ගැටගහන්න දැඟලුවා.

"ඇයි ඔයාට කලිසම ලූස් ද"

"ලූස්.. ලොක්-කුයි"

"මෙහෙ හැරෙන්න"

සයාන් අයියා ගිහින් තිබුනේ වතුර එකක් ගේන්න. වතුර පුරවපු එයාගේ කෝප්පෙ  ඇඳ ගාවම මේසේ උඩින් තියල එයා මාව එයාගේ පැත්තට හරවලා කමිසේ පොඩ්ඩක් උස්සලා මට අල්ලගන්න කිව්ව. ඒකරලා අර පටිය ඇදල ඇදල අරන් ගානට හදලා මගෙනුත් තද ද අහලා මට ඇති පදමට ඉණ ගාවින් ගැටගහලත් දුන්නා.

"මේ වතුර ඔයාට"

"ම්ම්"

මම ඇඳට නැගලා බිත්තිය අයිනටම ගියාම සයාන් අයියත් ලයිට් එක ඕෆ් කරලා ඇඳට ආවා.. ඒකරලා එයා පොඩ්ඩක් වෙලා ෆෝන් එක බලලා ඒකත් පැත්තක දාලා මටත් ගුඩ් නයිට් කියලා නිදාගත්තා.. මට නින්ද ගියත් ආයෙම රෑ මැද ඇහැරුනා ඔලුව කැක්කුමක් ඇවිල්ලා. සයාන් අයියා නම් බරට හුස්ම අරන් හොඳටම නිදි. මං හෙන වෙලාවක් ඇඳේ පෙරලි පෙරළි හිටියා නින්ද යනකල් ඒත් නින්දක් නෑ.. හෙම්බිරිස්සාවට කඳුලුත් එනවා. නැගිට්ට ගමන් අර වතුර එක බීලා දැන් ලාවට සූ බරකුත් එනව වගේ... කරුමේ කියන්නේ නින්ද ගියෙත් නැති එකේ ඒක ඉවසීමේ උපරිමේටම ඇවිල්ලා.. ඒ උනාට මට ඇඳෙන් බහින්න කම්මැළි..

"ඒ.....

.....අයියා....

ඒ....මේ...."

"ම්ම්..."

සයාන් අයියා නිදාන හිටියේ මට පිටුපාලා මම ඇඳේ වාඩිවෙලා එයාගේ පැත්තට බෙල්ල දාලා කතා කරලා කතා කරලා ඇනල ඇනල යන්තන් සුද්දව ඇහැරවගත්තා.. ඒකරලා කනට කරලා රහසින් මට ලොකු අමාරුවක් කියලා කිව්ව ගමන් එයා ඇඳෙන් බැස්සා..

සිලිලාර | COMPLETEWhere stories live. Discover now