ගමේ බස් එකේ අවසාන මාතලේ ගමනට හවස හතරට අපෙ ගේ ගාවින් නැග්ගාම මගේ මුලු හිතම අමුතු සතුටකින් පිරිලයි තිබුනෙ. මම මේ බස් එකේ මේ වෙලාවට ගමනක් ගිහින් නැතිම තරම්. හැමපාරම උදේ රෙදිකඩවල් අරින වෙලාවට අම්මත් එක්කන් ගිහින් ඇඳුම් දෙක තුනක් අරන් එනව ඇරෙන්න මම මේ වෙලාවට රෙදි ගන්න ගිහිල්ලම නෑ.
අලුත් අවුරුද්දේ මට වටිනාම සිරිත මේ ඇඳුම් ගැනිල්ල. ඒ නැකතට හරියන්න මගෙ තද නිලට හුරු ඩෙනිම් කලිසම ඇදලා සුදු පාට හිස් කොලර් එකක් වත් නැති කමිසයක් එක්කන් පහසු බාටා දෙකක් දාගෙන සයාන් අයියා උදේ ගාගෙන ගියපු එයාගේ ක්‍රීම් පොඩ්ඩකුයි සෙන්ට් ගොඩකුයි ඉහගෙන කලාතුරකින් පාවිච්චිවෙන මගෙ පර්ස් එකට උදේ අම්මා ටවුමට ගිහින් ගෙනෙල්ලා දුන්න පන්දාහේ කොළ දෙකත් දාන් සාකුවට දාගත්තේ ටැබ් එකත් අතේ අරන්. සයාන් අයියා මට ඒකට කවරයක් ගෙනෙල්ලා දුන්න හින්දා ඒක පරිස්සම්.
"කොහෙදෑ මේ යන්නේ"
"කොහොලන්වල"
"මේ බස් එකට එනවද "
"නෑ නෑ"
කොන්දොස්තර මාමා ත් ටිකට් එක දුන්නේ නිකන් හරියට ප්‍රශ්න වලට උත්තර දීලා ටිකට්පත ලබාගන්න කියල නොකියා වගේ. එතනින් එහාට මං නිදහසේ බස් එකට ඔලුව හේත්තු කරන් ජනේලෙත් ඇරගෙන එන්න ආවා.. මිනිස්සුන්ට සාමාන්‍ය මද්දුව පෙනුනට ඇඟ ඇතුලෙන් මම බල්ටි ගහනවා..
උදේ සයාන් අයියා ගියාම අප්පච්චි එක්ක එයාගේ ගෙට එන තැන වැටවල් දෙක අල්ලලා යම්තාක් උසට කඩුල්ලක් දැම්මා.ඒකරලා අර ගහේ නැගලා බෙලි ටිකත් කඩලා ග්‍රාමසේවක මාමටම යැව්ව. නැත්තන් කියයි අපෙ බඩජාරිකම කියලා.
කොහොලන්වල ලං වෙනවත් එක්කම මගෙ හදවතත් දඩබඩ ගාලා ගැහෙනවා.. පරෙස්සමට ටැබ් එකත් අල්ලන් බෙල් එකත් ගහලා කොන්දොස්තර මාමටත් යන්නම් කියාන බස් එකෙන් බැස්සම මට හිතුමනාපෙට දුවන්න හිතුනා. උදේ ඉදලම මම හවස හතර වෙනකල් පුදුම ලහියකින් හිටියේ.
"පොලොස් එලවලු රොටී එකයි නෙස්කැෆේ එකයි.....නෑ ඕක නෙවෙයි කූල් එකක්. "
"එකසිය දහයක් දෙන්න පුතා"
මම දුන්න එකසිය විස්සේ ඉතුරු රුපියල් දහයත් අරන් මං කඩේ ඉදලම සයාන් අයියට මැසේජ් එකක් දැම්ම මං ආවයි කියල. එයා මට 'විනඩි ටිකක් ඉන්න' යි කියලා ආපහු මැසේජ් එකක් දැම්මාම මම බතික් ශොප් එක ගාවින් ගිහින් හිටගෙන හිටියා. මෙච්චරකල් ඒකේ වීදුරුවලින් එහා තියෙන කඩේ ඇතුල බැලුවට අද තමා මම ඒක "GUSPER " කියලා ගහලා තියෙන නම උවමනාවෙන් කියෙව්වේ.එළියේ රතුකඳක් තියෙන දෝතුලු ගස් සුදු පාට පෝච්චි වල හිටවලා කැටගල් අතුරපු එලිමේ තියල තියෙන සයාන් අයියා වැඩ කරන තැන පෙනුමට හුඟක් ලස්සනයි වගේ..අර නිදහස් සද්ද බද්ද නැති වටපිටාවක්..
![](https://img.wattpad.com/cover/374274732-288-k938980.jpg)
YOU ARE READING
සිලිලාර | COMPLETE
Roman d'amourගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...