සයාන් අයියගෙ කුනුකුනුව අහලා අහලා හයට ඇඳිරිනීති අයින් කරපු ගමන්ම අපි කඩුගන්නාවේ එන්න ආවා.. ඇඳීරිනීති ආයේ දහයට දානකල්ම අපි නුවරට වෙලා අනන් මනන් කකා බිබී හිටියා.. එහෙම කන්න මහලොකු දේවල් නෑ මේ ලෝකේ මිනිස්සු මැරෙන වෙලාවේ ආතල් ගන්න බෑ නේ. එහෙම කිය කියා අපි ආතල් එකේ හිටිය හැබැයි..
"හෑ...ක්කා.. දිව දම් පාට වෙලා කෝ ආයේ දාන්න..හෑයියා ඒක නිකන් හරි කැතයි අයියේ.. කිව්ව කිව්ව බොට ඕක කන්න කලින්"
"කිසිම රසකුත් නෑ අනේ"
"හොන්ද වැඩේ හොඳ වැඩේ. ඔවැක්.."
මං මට ගත්ත ස්ට්‍රෝබෙරි රසැති නත්තල් සීයා කෙනෙක් ඉන්න ලොලිපොප් එක ගානට කන ගමන් බකපණ්ඩිත සයාන් අයියගේ මිදි රසැති නත්තල් සීයව විසික්කරල දැම්ම.
"වෙලාව නවයයි යං නේ"
"ගෙදර උයන බඩු එහෙම තියෙනවද ඒයි , අපි ආයේ කවදද ගමේ යන්නේ"
"ඔයාට කැමති දවසක් ඉන්න. ගෙදර උයන බඩු තියෙනව"
මම බොනට් එක උඩ වාඩිවෙලා හිටියෙ. සයාන් අයිය නම් එතනම එහා පැත්තේ හිටගෙන නුවර ලයිට් දිහා බලන් හිටියා. ඒවා බැලුවට බැලුවට එපා වෙන්නෙ නෑ මට නම්. නත්තල් සීයගේ ඔලුව කාලා හිටිය මං ඒක කටේ ගහගෙන බොනට් එකෙන් බැහැලා අපිට ඉස්සරහින් තිබ්බ වැට ගාව හිටගත්තා.
"ඔයාට කඳ දෙන්නද නත්තල් සීයගේ"
"නත්තල් සීයගේ එපා"
මං හිනාවෙලා ආයේ ඉස්සරහ බලාගත්තා. එතකොට සයාන් අයියා ඇවිල්ල මාව පිටිපස්සෙන් බදාගෙන එයාට චප්ප කරගත්තා..
"මේ මරු කද"
"කමක් නෑ. අතෙත් එක්ක කෙල...මේ"
"ඉතින් ලොලිපොප් කියන්නේ ටොෆී කියන්නේ කෙල මිශ්‍රනයක් තමා. ඔච්චර දේවල් දන්න සයාන් ඕක දන්නැද්ද අනේ"
"නෑ නේ. අපි යමු ද. මෙතන ළඟයි නේ ආයේ එන්න පුලුවන්. ගෙදර විව් එකත් තියෙනව ඔයාට"
"උස්සලා වාහනේට දාන්නකො අනේ "
කිව්ව ගමන් සයාන් අයියා මාව හරහට උස්සලා වාහනෙ පිටිපස්සට ඇවිල්ල බූට් ස්පේස් එක ඇරලා ඒකට දැම්මා. මෙයාගේ වේගේ.. මාව ඒ ඇතුළට දාලා ඒක වැහුවත් එක්ක.. මට දොර අරින්න කියන්නත් බෑ හිනා යනවනේ අනේ..ටිකක් වෙලා ගිහින් සයාන් අයියත් දෙකට නැවිල හිනාවෙන ගමන් ම දොර ඇරියාම අපි දෙන්නටම කතා කරගන්න පණ නෑ හිනා යනවා.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...