" ඔයාලා කාලද යන්නේ මද්දු"
"ඔව් ඔව් "
මං ආයේ එළියට ගිහින් බෙල්ල දික් කරල බැලුවා සයාන් අයියා එනවද කියල. අපි දෙන්නා ගෙදරට ඕනෙ බඩු ගේන්න යන්න ඉන්නෙ දැන්. ඊයේ රෑ කතාවුන වෙලාව පහු වෙලත් මෙයා නෑ.
"දිග කලිසමක් දාන් එනව ගිහින්"
"ආයි අනේ.. මේ කාර් එකේ යන්නේ කොට එකක් ඇදන් ගියාම මොකද වෙන්නෙ අනික ඩෙනිම් හෝදන්නත් එපෙයි"
"කොට එකක් නැද්ද ඔයිට වඩා දිග "
මම අම්මට ආයේ මොකුත් කියන්න ගිහින් ආයෙත් එළියට දුවලා සයාන් අයියත් නැති එකේ කාමරේට ඇවිල්ල පොඩ්ඩක් දිග ගොමපාට කොට කලිසමක් දාගත්තා. ඊයේ මම කැම්පස් ගිහින් එද්දි අයියා එයාගේ ගෙදර ගිහිල්ලා හිටියේ. මම ගෙදර ආව ගමන් එහෙ ගියාම තමා අපි කතාවුනෙ අද උදේ නවයට මෙහෙන් ගිහින් බඩුමුට්ටු අරන් එන්න.
"අම්මා මම අයියලගෙ දිහා ගිහින් බලල එන්නම්. බත් බෙදල තියන්නකො"
අම්මට කියාන අර කලිසම් සාක්කුවේ දාන් හිටිය තුන්ඩුවත් මේ කලිසම් සාක්කුවට දාගත්ත මං බාට කෑලි දෙකකුත් දාන් සයාන් අයියගෙ ගෙට දුවන් ආවා.. ජනේලෙත් වහලා.. මම එළියෙන් ගිහින් දොරට තට්ටු කරා කරා මෙයා නෑ.. විනාඩියක් දෙකක් ගිහින් ඔන්න දොර ඇරියා... හැබැයි ඒ හිටගෙන හිටියෙ මම දන්න සයාන් අයියද කියල මට හිතෙන්න එච්චර විනාඩි ගානක් ගියෙ නෑ.
"නිදිද...??? තව ?? මම ලෑස්තිත් වුනා.."
"එන්නම්"
සයාන් අයියා මට ගේ ඇතුළට එන්න දොර ඇරියේ හෙන පොඩි කොට කලිසමකුත් ගහගෙන කොන්ඩෙ කුණාටුවකට අහුවෙලා වගේ තියන් . ඒකරල නහය පොඩ්ඩක් කසලා නාන කාමරේ පැත්තට ගියේ මට ඇත්තටම මේ ගේ අස්සෙ කුණාටුවක් තිබ්බදෝ කියල හිතන්න ඉඩ දීලා... ඊයේ අපෙ අම්ම දුන්න ඇඳ ඇතිරිල්ල ඇඳට දාලා කොට්ටයක් ඉල්ලගන්න අමතක වුන එකේ මෙයා කොට්ටයක් නැතුව නිදාගෙන තියෙන්නෙ... පොරවපු රෙද්ද බාගයක් බිම, ලැප්ටොප් එක ඇඳ උඩ ෆෝන් එක ඇඳ උඩ තව මුළු කාමරේම ඒෆෝ කොළ . වෙනස බිම තියෙන කොළ පොඩි කරල දාලා.. මම ඒව එහෙමම තියල ඇඳ රෙද්ද විතරක් නවලා පොඩ්ඩක් ඇඳ අස් කරා...
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...