වේගෙන් ගැහෙන හදවක් තියාගෙන සයාන් අයියගේ මූණ බලන්න බැරුව එයාගේ උරහිසේ කම්බුලක් තියාන මම විනාඩි කීයක් හිටියද මන්දා.. සයාන් අයියා වුනත් හෙමීට මගෙ පිටට තට්ටු කරා මිසක් මොකුත් කිව්වෙ නෑ..ඒත් එයා මගෙ හිරිවැටෙන්න නැවිල තිබුන කකුල මට පහසු විදිහට හැදුවා.. එතකොට මම නැගිටලා එයාගෙ දිහා බැලුවා.. සයාන් අයියගෙ ඇස් කෙලින්ම ආවේ මගේ මෙච්චර වෙලා උඩු ඇන්දෙන් හපාන ඉදල අතෑරුන මගෙ තොල් ගාවට..
"විහිළුවක් නෙවෙයි කිව්වේ. ඇත්තමයි"
"ම්.."
"මං සමහර වෙලාවල් මඟෑරලා කිව්ව ඒව තේරුනෙ නෑ වගේ හිටියනේ..මට බය හිතුන හින්දා ඒ..මට බයයි කිව්වොත් ඔයත් බය වෙනවනේ.. එක පාරක් මම අර අර අරහෙ ඉන්නකොට වඩාගත්තා කියලත් මං ගස්සන් ගිහින් ඔයා මගෙ ගාව හිටියෙත් හෙවිල්ලෙන් නේ..ආයේ එහෙම වුනොත් හිතුනා - මම බයයි කිව්වොත්"
"ම්..."
"බය නෑ මට...මං හිතන්නේ මට බය නෑ..පොඩ්ඩක් බයයි"
"ම්..."
"හුම් හුම් නොකියා වෙන මොනාහරි කියන්නකො අප්පා.. වෙන වෙලාවල් වල ඔය කියන්නේ don't laugh like hahahaha cry like ahahahahh කිය කියා එහෙම"
සයාන් අයියා හිනාවෙලා එයාගේ නහයෙන් මගේ නහයට කිති කැව්වා.. ඒත් මොකුත් කිව්වෙ නෑ. මං තව ටිකක් ඉස්සරහට වෙලා ආයෙම අයියගෙ බෙල්ල ගාවින්ම මූණ තියාගත්තා.
"බ්-"
මාවත් ගස්සලා සයාන් අයියා පුටුවෙන් නැගිට්ටේ මාව වඩාගෙන. මං හැරිල එයාගේ මූණ දිහා බැලුවාම සයාන් අයියා අමුතු හිනාවක් දාලා එයාගේ කාමරේ ලොකු මේසෙ උඩින් මාව තිබ්බා..
"can I put my head on your shoulder....?"
"put your legs instead, darling"
සයාන් අයියා හෙමීට කියවත් එක්කම මම යටිතොල හපාගත්තා..හිනා යනවනේ .. කෝළ- මනමාල- හදිස්සිකාර හිනාවක්. සයාන් අයියා වේගෙන් මාව පොඩි ළමයෙක් ව වඩාගන්නව වගේ වඩාගත්තාම මම එයාට තුරුල් වෙලා කකුල් ගසල ගසලා එයාගෙ දිහා බැලුවා...
"ආහ්...... එක්කො-"
"නෑ නෑ නෑ ආයේ වෙනස් කරන්න බෑ.."
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...