"ගොරවනවා හයියෙන්. කලුවර බලන්නකො. කීයද වෙලාව- හතරයි .ඒ වුනාට හවස හයයි වගේ"
"ලයිට් එක දාන්නද මං"
"ඔයාට ඕනේ නම් දාන්න. කලුවර ශෝක් නේ"
"මට එපා"
සයාන් අයියා ඇඳේ කොළ ගොඩක් තියාන එයාගේ හුරුපුරුදු වැඩ කරනවා. මට තාම එයා කරන ඒවා තේරෙන්නෙ නෑ හැබැයි එයාගේ ව්‍යාපාර සැලසුම කියන එක සිංහල වලට පරිවර්ථනය කරලා ඒක එයාගේ ලැප්ටොප් එකේ සිංහල අකුරු වලින් ගහලා දෙන වැඩේ මට එයා කරලා දෙන්න කිව්වා. දැන් ගොරවන හින්දා ඒවා පාවිච්චි කරන්න බැරි එකේ මම ජනේලේ පඩියෙන් වාඩිවෙලා නිකන් බලන් ඉන්නවා..
හවස මට පන්තියක් තියෙන්නෙ තිබුනට මේ වැස්සේ ළමයි එවන්න එපා කියලා මම එයාලට උදේම පණිවිඩේ දුන්න හින්දා ඒකත් නෑ.. ඒ වුනාට මට සයාන් අයියට සිංහල පන්තියක් කරන්නයි සයාන් අයියට මට ඉංග්‍රීසි පන්තියක් කරන්නයි වුනා නේ.. ඒ අස්සේ පඹයව හදන්නත් වුනා..
"ඕන්"
"නෑ නෑ මෙහෙට නෙවෙයි අකුණ"
"මෙහෙට නෙවෙ- ඇතුළට එන්න දැන් ජනේලේ වහන්න.. අර වැස්ස බිංඳු එනවා"
"හරි එනවා"
ගොරවලා ගොරවලා හෙමීට වහින්න කලින් අති විසාල අකුණක් ගැහුවනේ. මං ජනේලේ වහල ඇඳට ආවා.. ඒ ගමන වටපිටාවයි ගේ ඇතුලයි කලුවරයි..අලු පාට වගේ.. හැබැයි එළියෙ වැස්ස හෙමීට තමා ඇහෙන්නේ.
" මං මොකද කරන්නේ"
"මේ කොළ වල සිංහල ලියන්න එහෙනම්. මෙන්න ඔයාගේ ඩික්ශනරි "
"මේ වැස්සේ වැඩ කරන එක ශෝක් වැඩේ නේ"
"ම්ම්.. වැස්ස වහිනව එලියේ අපි ගේ ඇතුළේ . ඔයා දන්නවද ප්‍රංශේ ඔක්තෝබර් වල වල වහිනවා . අපි කැම්පස් ඇතුලේ විභාග ලියන්න පාඩම් කරනවා. ඊට පස්සේ රෑ වෙලා.. ම්ම් රෑ ... නවය වගේ යනව ගෙදර. හය වෙලාව ආවාම අපි එළියට ගිහිල්ලා කනවා. වැස්සේ"
"ඔයාට කියන්න කතා ගොඩක් තියෙනව නේද මට හිතුනා මට නොකියපු ඒවා - කියපු නැති කතා ගොඩක් ඔයාගේ ළඟ ඇති කියල"
"ම්ම්ම්ම්ම්... ඒවා.. මම එදා හිතුවේ නෑ මෙහෙම කතාවක් කියල ඒ දවසවල් කියන්න. හැබැයි ඒක මතකය වෙලා නේද. දැන් මම තව අවුරුද්ද දෙකක් පස්සේ මේ අපි මෙහෙම වැස්සේ බිස්නස් ප්ලෑන්ස් හදපු එකත් කියයි. ඔයත් කියයි"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...