පහුවදා මං ඇඟේ බර දෙගුණ තෙගුණ වෙලා දැනි දැනි සයාන් අයියා නුවර යන්න කලින් දුන්න හාද්ද අල්ලගත්තා. එයා කෑමත් උයල මට...ඒකරලත් මම එක වේලක් කාලා ආයේ අර ස්ලීපින් බෑග් එක අස්සට ගිහින් නිදාගත්තා.
මම ෆ්‍රාන්ස් යන්න හිටිය කතාව අපෙ අම්මට එහෙම එපා වෙනකල් කියෙව්වා හැබැයි පස්සෙ පස්සේ දැන් අම්ම වෙලාවකට මම කොහෙ හරි ගිහින් එනකල් දන්නෙත් නෑ. අද අම්මට කෝල් කරන්න ඕනේ මෙහෙ වෙන වැඩ ගැන කියලා..දැන් මට තියෙන්නේ ගමන් මහන්සිය , ගෙදර සති තුනක් ඉන්න බැරි වුන වේදනාව අරහෙට වෙලා අමුතු භාශාවල් කතාකරලා මොලේ අමාරු වෙන වේදනාව වගේ දේවල්. සමහර මීටින්ස් වලට මට එක එක්කෙනාට එක එක භාශාවල් වලින් කතා කරන්න වෙනවා. එහෙම දවස් වලට මොළේටත් හති කියල මට දැනෙව.
ඔක්කෝටම ගැලපෙන්නෙ තව පැය ගානක නින්දක්....!!!
ඒත් නිදාගත්තම නිදාගෙනත් මහන්සි මට.. කොහොමහරි හවස හුරුපුරුදු කටහඩවල් දෙකක් ඇහෙද්දි මං ස්ලීපින් බෑග් එකෙන් එළියට මූණ දාල දොර පැත්ත බැලුවා..
"ඒ ඒ..මං මෙහෙ... මෙහෙ බිම"
"මොකද හලෝ මේ.. ඇයි ඇඳේ ඉඩ නෑ ?"
"මෙයාට කියල වැඩක් නෑ.. ඕකෙ එතිලා පෙරලි පෙරලි ඉන්නවා."
ඕන් පාවල දුන්න.. කෙලින්ම උඩට යන්න ගියපු සයාන් අයියයි ලොකූයි දෙන්නම ඇවිල්ල මං ගාව තිබ්බ සෝෆා එකෙන් වාඩි වුනා. ලොකූ මොකෝ මෙහෙ.. එයාගේ මූණත් මැලවෙලා වගේනේ.
"කෑවද දවල්ට.. නෑ ??"
"නෑ.. බඩගිනි බඩේ පණුවො කෑගහනවා"
ලොකූ සද්ද නැතුව මගෙ දිහා බලල පුටුවට හේත්තු වුනා. මං සයාන් අයියට උත්තර දෙන ගමන් ස්ලීපින් බෑග් එකෙන් එළියට ඇවිල්ලා ඒක දෙකට නවල පැත්තක තිබ්බ. නැත්තන් ' ගත්ත දේ ගත්ත තැන තියන්න චුට්ටෝ' කියනව ඇහෙනවනේ.
"මං වොශ් දාල එන්නම්. ලොකූ අර කාමරේට යන්"
"ඔයා ඉන්නවද අද දැන්.. ඔව් නේ හවස් වෙලා ආයෙ ගෙදර යන්න ඕන්නෑ. අම්මට කියන්න වෙයි"
"කියහන්කො එහෙනම් මම පැයක් වත් නාන්න ඕනේ වගේ"
"අපිත් වතුර බිල් ගෙවනවා"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...