06 කොටස

435 72 18
                                    


පුදුමෙනුත් පුදුමයි කියලා කියන්නේ සයාන් සතිඳුට මැටිවලින් ලස්සන කුකුළෙක්ව හදලා දුන්න. ඒත් එයා කිව්ව ඒක බලාගෙන සතිඳුට වෙන එකක් හදන්න කියලා . සතිඳු හදපු කුකුළ එයාගේ වයසෙ හැටියට ලස්සනයි.. සයාන්ගේ කුකුළනම් මාරම ලස්සනයි. මම ඒවා දිහා බලන් බංකුවේ වාඩි වෙලා හිටිය එක විතරයි කරේ. ඒ දෙන්නා බංකුව ගාව බිම පතුරු ගැහිච්ච පන් පැදුරකුත් දාගෙන මැටි වැඩ කරනවා.

"සේනක මල්ලී..!! "

"අප්පච්චි.. මේ.. ලොකුමාමා ඇවිල්ලා..!!!!"

ලොකුමාමා බුලත් අතකුත් අරන් ගෙවත්තට ඇතුල්වෙනකොටම මම කෑගහලා කිව්වේ අප්පච්චිගේ කටහඬ කුස්සිය පැත්තෙන් ඇහුණ හින්දා. අම්මත් උයන එකේ දෙන්නා මොනවහරි ගැන කතා කර කර හිටිය ඇහුන මට.

"මොකෑ කොල්ලො එලියෙ කරන්නෙ මේ ගොම්මනේ"

"මේ සතිඳු මල්ලිගෙ වැඩක්"

"මේ අර ආවයි කියාපු සුදු මහත්තයද"

"ඔව් ඔව්.."

සයාන් නොදැනුවත්ව හරි ලොකු මාමට හිනාවෙනවත් එක්කම අප්පච්චි ඉස්තෝප්පුවට ආවා.

"කොටහලු මඟුල් ඉවරයක් වුනාද උඹලැයි"

"අදින් ඉවරයි ඔන්න"

"කරල් ඇල්ලුවා කියල අපෙ මහත්තයා කිව්වා..මට එන්නවත් බැරිවුනානේ අයියා ඒ ටිකේම මම කණ්ඩලමෙ හිටියේ"

"හ්ම් හ්ම්...පෙරේදට ඉස්සරින් දා නැකත් හදාගෙන වැඩේ හමාර කරා.. මල්ලි අපෙ ගොයම් කයිය අනින්දා. උඹ ආවෝතින් නම් හොඳයි"

ලොකු මාමගේ බුලත් අත දැක්ක ගමන් මට හිතුනා එන්නේ ගොයම් කපන්න ආරාධනාවක් කරන්න කියලා.. සතිඳු මල්ලිත් මැටි අතේ ගාගෙන ඒ පැත්ත බලාන ඉන්නැද්දි මම එයාට තට්ටුවක් දාලා වැඩේ කරන්න කිව්ව.. ඒකට සයාන් මගෙ මූණ දිහා බලලා ඉස්තෝප්පුව දිහත් බලල ආයෙම එයා දැන් හදන කවුරු හරි සතෙක්ව හදන්න ගත්තා..

ඉස්තෝප්පුවේ ලයිට් එක ඉස්සරහ මිදුල පුරාවට වැටුනත් ගේ කොනක ඉන්න අපිට ඒ තරම් එළියක් එන්නෙ නෑත් එක්ක.. අම්ම මැටි ගේ ඇතුලේ අනන්න දෙන්නෙත් නෑනෙ..

සිලිලාර | COMPLETEWhere stories live. Discover now