54 කොටස

173 43 70
                                    


මේ ටිකේ මම වැඩියෙන්ම කරන්නේ නිදාගන්න එක මං හිතන්නේ.. දවස් දෙකක්ම අපිට මුලු දවසම වැස්ස තිබුනා. ඊයෙත් මම රෑ හතට විතර නිදාගෙන නැගිටිනකොට නිදාගෙනත් මහන්සියි වගේ මට. මං ඇහැරුනාම සයාන් අයියා බිත්තියට අයිනට ගුලි වුනේ තව නිදාගන්න ඕනෙ වෙලා, එයා නම් මම සැරෙන් සැරේ ඇහැරෙන ගානට මොකාක් හරි වැඩක හිටියේ..

ලොකුත් කලින්ම ඇහැරලා හිටිය කියල මට ඇහුනේ සාලේ ටීවි එක ගාව එයාගෙයි අප්පච්චිගෙයි කතාවට. සයාන් අයියගේ දිහාත් පොඩ්ඩක් වෙලා බලාන ඉදලා එයාගේ අත්ගොබේකට එයාට නොදැනෙන්න මටත් යන්තන් දැනෙන්න හාදුවක් තියපු මාත් ඇඳෙන් බැහැල ආවා.

"කෝ අම්මා"

"දැන් ටිකක් වෙලා ඇහැරුනෙ උයනවා අන්න"

"ලොකු නින්දක් නිදාගෙන වගේ ඇහැරුනේ"

අප්පච්චිට හිනාවෙලා මං අම්ම හොයන් ආවා..අම්මා දැන් නැගිටලා කිව්වට සාලේ ඔරලෝසුවේ වෙලාව අටයි. තමත් හඳුන්කූරු සුවඳයි සාලේ. කුස්සියේ නම් අම්මා උයන ඒවගෙ සුවඳ.

"තේ බොනවද බත් ම කනවද පුතේ. තව ඩිංගක් ඉන්න වෙයි බත් කන්න නම්"

"තේ බොනවා"

"කෝ අනිත් කෙනා නිදිද"

"ඔව් . එයා නැගිට්ට වෙලාවක බොයි. මං මූණ හෝදන් එන්නම්. අනේ එක්කො බෑ"

සින්ක් එකෙන්ම කට හෝදගන්න ගමන් මූනත් පොඩ්ඩක් තේමාගත්තට පැය දහයක් දොලහක් නිදාගෙන ඇහැරිච්ච මගේ ඇස් තාම දනවා. අම්ම හදල දුන්න තේ එකයි චොකලට් බනිසෙකුයි අරන් ඒක සාලෙට ඇවිල්ලා බීලා මම ආයෙම ඇඳට ආවා සයාන් අයියා නැති කම්මැලිකම නැති කරගන්න.. ඔහේ නෑ තවම තද නින්දේ. ඇහැරවන්නත් පව් හිතුනා. ඒක හින්දා මං ඇඳෙන් බැහැලා ගිහින් හෙමීට දොරත් වහලා ආයේම ඇඳට ආවා..

අපෙ අම්ම බනිනව නේ මං නිකන් හිටියට ඒ ගොල්ලො නිකන් ඉන්නෑ නිදාගන්න වෙලාවෙ කරදර කරන්න එපා කියල. දොර වැහුවාම ඇහෙන්නෑ නේ. ජනේලේ නම් පොඩ්ඩක් ඇරියා නැත්තන් මෙයාගේ මූණ පෙන්නෑ.

"ඇති නිදාගත්තා"

"......."

"නැගිටින්නකො.......

සිලිලාර | COMPLETEWhere stories live. Discover now