59 කොටස

164 36 39
                                    


"බුදු අම්මෝ සයාන්....!!! මට හත්-ති.."

"ඉක්මනට දොර වහන්න මෙතන පාකින් නෑ"

"පකින් තමා අප්පා..."

වාහනේට නැග්ග ගමන් මම  අතේ එල්ලන් හිටිය බඩුමලු පිටිපස්සට දාලා කොණ්ඩේ උඩට උස්සගත්තා. සයාන් අයියත් පාගලා ගෙදර යන්න යන්නේ එයාට හවස තුනට ලයිව් මීටින් එකක් තියෙන හින්දා. ඒව මේව හින්දා මම බැංකුවට ආව වැඩේ කරන් ගෙදරට ඕනෙ බඩු බාගෙට අරන් වාහනේට නැග්ගා.

"බඩු ගනන් අප්පා.. සෑහෙන්න අර පරිප්පු හාල් එහෙම කිලෝ එකයි දෙන්නේ සතොසෙ දෙනවලු කිලෝ හතරක්  හාල් ඒත්. "

"රජය බැනුම් අහන්න යන්නෙ ඔන්න. අපි සෝලා සිස්ටම් එක ඉක්මනින් දාමු. මම ඉලෙක්ට්‍රික් බෝඩ් එකත් එක්ක කතා කරා ඒ ගොල්ලො කිව්වා වැඩියෙන් නිපදවන ශක්තිය ඒ ගොල්ලොන්ට බාරදෙන්න කියල"

"අප්පද බොල ඒ වචන කොහෙන්ද ඉගෙන ගත්තේ"

සයාන් අයියා එයා ඇදගෙන හිටියේ කමිසෙ එයාට පේන මට පේන්නෙ නැති කොලර් එක උස්සලා ගෙන මොකද්ද එකක් කරා..

"ඉතින් ඔන්න අද 4-6 ලයිට් නෑ. ඒක තව වැඩිවුනාම අපිට වැඩ කරන්න ආමාරුයිනෙ චුට්ටෝ. ඔයාගේ සයිට් එක හැමවෙලාවෙම ඇක්ටිව් වෙන්න ඕනේ, මට පිටරටවල වෙලාවල් වල මීටින්ස් තිබුනාම ඒවට මෙහෙ ලයිට් නැ කියන්න බෑ නේ. "

"ඔව් ඔව්.. දැන් ජෙනරේටර් වලත් ප්‍රයෝජන නැති වෙයි තෙල් ගනන් නිසා. අර බලන්න අර බස් එකේ සෙනඟ ඉස්කෝල ළමයි දොරෙත් එක්ක"

ඒක ගම්පළ  බස් එකක්..ඉස්කෝල වෙලාවේ ටවුන් එකෙත් නහුතෙටම ට්‍රැෆික් නේ ඒව අස්සෙ අර ළමයි දොරේ එල්ලිලා මාර පව් හිතෙනවා. වැස්සක් එහෙම ආවොත් තෙමීගෙන නැහීගෙන ගෙවල් වලට යන්න එපෙයි.. 

"මං කිව්වේ..... ජෙනරේටර් වල ට තෙල් හිඟ වුනාම ලොකු ලොකු කම්පැනීස් වලට එහෙම සෝලර් හයිකරන්න ගයි. ඊට කලින් අපි දාමු ගනන් වැඩිවෙන්න කලින්"

"අන්න ඔව්.. මාත් ඒක හිතුව.. මේක බොන්න ඔයා දාඩියත් දාලා ඔය ස්ට්‍රෝ එකක් ගන්න"

සයාන් අයියා දැන් මතක් වුනා වගේ දොරේ තිබුන මයිලො එකක් අරන් මට දුන්න.  ඒවගේ බටේ කන්න පුලුවන් නමුත් බහිස්ශ්‍රාවය වෙන්නෙ නැති හින්දා මම වාහනේ දොරේ  බීම බට බෑග් එකක් දාලා තියෙන්නේ.. ට්‍රැක්ලන්තේ අපූරු වැඩනේ වෙන්න අප්ප.

සිලිලාර | COMPLETEWhere stories live. Discover now