අවසාන කොටස

389 54 107
                                    


"ඒ වුනාට චුට්...ටෝ.. අනේ"

"අනේ පනේ නෙවෙයි අනේ . දැන් ඕක ඇති"

"මට කුතුහලේ.. එහෙම කිඹුල්ලු කන්න එයා වැටුනෙ කොහොමද"

"ඇයි අර අර ආටිකල් වල තියෙන්නෙ බීලා ඉදල තියෙන්නෙ කියල.."

සයාන් අයියා මගෙ මූණ දිහා පොඩ්ඩක් වෙලා කල්පනා කරන්න වෙලාව අරන් පුටුවේ අනිත් පැත්ත හැරිල මට හේත්තු වුනා.. ඒකරල ආයේ මගෙ පැත්ත හැරිලා මාව බදාගත්තා.

"මිනිහෙක් මැරුනාම මට සතුටු හිතෙනව දැන් නම්"

"අපි පිරිත් ඇහුවාම ඕක අඩුවෙලා යයි"

"මං ආසයි පිරිත් අහන්න. අපි ගෙදර පිරිත් දාමුද ආයෙ. උදේ හවස. "

"දාමු..ආ කියන්න"

මම සෝස් නැති චිප්ස් කෑල්ලක් සයාන් අයියගේ කටට දැම්මාම එයා ඒක හප හපා ටීවි එකේ යන නිව්ස් වලට අවදානෙ දුන්නා. ලොකු ප්‍රශ්නයක් වෙලා නේ රටේ.. පෙරේදා රෑ පොලිස් මාධ්‍ය ප්‍රකාශක බන්දුල අමරසිංහ මහත්මයාව මහවැලි ගඟෙන් මතුවෙලා. කිඹුල්ලුත් කාලලු..බීලා ගිහින් වැටිලා කියල තමා අනුමාන කරන්නේ පොලිසියෙනුත්. ඒකටම කවුද කෙනෙක් එදා හවස හයට විතර මෙයා කුඩු බිස්නස් එකක් වහන කෝල් රෙකෝඩ් වගයක් සමාජ මාධ්‍ය වලට ලීක් වෙලා... පොලිසියෙන් මෙයාව ගනන් ගන්නෙ නෑ වගේ.

"චුට්ටෝ....ඒ වුනාට මට බයයි ඕක ශෙයා කරේ ඔයාගේ කට්ටිය කියල මාට්ටු වුනොත් මොකද කරන්නෙ කියන්නකො.ඕනෙ නැති වැඩක් කරේ ඔයා"

"නැහ් අනේ... බය නොවී මේකත් කන්න"

ඊට හපන් නේ එයාගේ ලේවලට ඩ්‍රග් එකක් දාල තියෙන්නේ අහවල් ඇමති පුතා වතිල කියල දැනගෙන ගඟට විසික්කරේ සහසිත් දෙව්ධාර කියල අහු වුනොත්..සමාජ මාධ්‍ය වලින් මෙයාට කුණු කතා කියන හින්දා පොලිසියෙන් වැඩේ එච්චර දුර අරන් යන්නෑ කියල තමා මට ආරංචි වුනේ... වතිල අයිය දේශපාලනය සම්බන්ධ නැති වුනාට එයාට මැර සම්බන්ධකම් තියෙනවා- එයා කියපු විදිහට ඉස්කෝලේ යාලුවෝ ලු. නමට දේශපාලනේ නැති වුනාට අයතා ප්‍රයෝජන එහෙම ගන්න නම් තාත්තා ඇමති වතිල අයියට.

"අපිට නිදාගන්න දවසක් නැද්ද චුට්ටො"

"තිබ්බා...!!! ඒවගෙත් ඔයා නිදාගත්තේ නෑ නේ"

සිලිලාර | COMPLETEWhere stories live. Discover now