'කීක්....!'
'කීක්....!'
'කීක්.....'
"එනව අනේ ඉන්න.."
"ඉක්මන් කරන්න ඉක්මන් කරන්න."
"කෝ එහාට පනින්න"
මං ඩ්‍රයිවින් සීට් එකේ ඉදල මගෙ සීට් එකට පැනගත්තා. සයාන් අයියට වැඩ වැඩීනේ.. එයාගේ වැඩ ඉවර වෙනකල් හිටියොත් එහෙම අපිට රෑ කෑම කන්න වෙන්නේ පහුවදා උදේට. මේ ගමන් අපි ගමේ යන්නත් එක්කන් ඉන්නේ..
"කොණ්ඩෙ වත් පීරලා නෑ.. කෝ මේහෙ හැරෙන්න"
සයාන් අයිය ෆෝන් එක ඔබ ඔබ මගෙ පැත්තට බෙල්ල දික්කරාම මම එයාගේ මූණ හරවලා අරන් අතෙන් කොණ්ඩෙ හදල මූණ ආයෙ අනිත් පැත්තට හැරෙව්වා. අපි Cinnamon Citadel එකේ රෑකෑමට යන්න ඉන්නෙ මං ගානේ. මට ආදායම් මාර්ග දෙක තුනක්ම තියෙන හින්දා ඒවට හේතුවත් සයාන් අයියා හින්දා නෙ මේ ඔක්කොම කරන්නේ. එයා නැත්තන් මං කොරයි, එහෙනම් ඇටකටු හාර හාර ඉදි මං.
"ඔය වීඩියෝ එක ප්ලේ කරන්නකො චුට්ටො"
"අනේ දැන් වැඩ ඇති"
"නෑ නෑ පොඩ්ඩක් ප්ලේ කරන්න"
සයාන් අයියගෙ ෆෝන් එකේ යූටියුබ් එකේ මට පෙන්නුව වීඩියෝ එක මම ප්ලේ කරන අතරේ එයා වාහනේ රිවස් එකට ගත්තා.
"This video is sponserd by Lecole"
"අඩෙහ්...!!! අනේ.....!!!!"
මං ගැස්සිලා සයාන් අයියගෙ පැත්ත හැරුනා.ඒත් තාම මගේ මූණ තියෙන්නේ ෆෝන් එක ගාව.
"Lecole is a popular language-learning platform . It's an app and website that provides short, interactive lessons designed to teach vocabulary, grammar, and conversation skills in various languages. Lessons incorporate speaking, listening, reading, and writing exer......."
"අනේ...!!! මේක මරුනේ.. අම්මෝ මට දැනෙන සතුට.මෙයා මේකෙන් ඉගෙන ගන්නවද . මට නොයෙල් කිව්වෙත් නෑ ඇඩ්ස් වලට දැම්ම කියල"
"කලින් දුන්න නිව් යියර් ගිෆ්ට් එකක් ඔන්න"
"අම්මෝ...මට හෙන සතුටුයි අප්පා.. දැන් ගොඩක් අය මගෙ සයිට් එකෙන් ඉගෙන ගයි. අනේ.....!!! මට පුදුම සතුටුයි.....!!!!!"
වාහනේ හෙලවෙනකල් උඩ පැනපු මම කැනඩාවේ ව්ලොග් චැනල් එකක් කරන ඒ ගෑනු ළමය මගේ වෙබ් සයිට් එක ගැන කියන දේවල් මටත් පාඩම් වෙනකල් ඇහුවා..සතුටු නැද්ද අප්පා මෙහෙම එකක් දැක්කාම.මෙයා කියල තියෙනව එයාගේ කෝඩ් එක පාවිච්චි කරල යන අයට සීයට විස්සක ඩිස්කවුන්ට් එක්කුත් දෙනව කියල. අනේ.....
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...