"මද්දු.. ?? මෙහෙ මොකද"
"අප්පච්චි"
අප්පච්චි මගෙ මූණටම මුණ ගැහුනත් මගෙ දිහා බලලා ඒත් එක්කම මගෙ පිටිපස්සහයි බැලුවේ.
"අප්පච්චි මෙහේ කොහෙද"
මට නිකන් අපි දෙන්නා අර ටීවි එකේ වැඩසටහන් මැද්දේ යන විරාම වල පෙන්නන බුද්ධදාසමහත්තයි අන්තෝනියොයි වගේ. ඒත් සයාන් මොකද මේ මගේ පස්සෙන් ඇවිල්ලා.. පාන් දෙක දාපු මල්ලත් අතේ එල්ලගෙන...
"හේනේ උඩ පැළේ ඉණිමග පොඩ්ඩක් සවුත්තුවෙලා මම මේ වඩුගෙට ගියා. කවුද මේ මහත්තයා"
"ආ..මේ.. අප්පච්චි .. මට මෙයා ෆෝන් එකට කතා කරල ඇහුනේ නෑ.. මගේ මේ යාළුවෙක් ..මේ..අපෙ මේ කැම්පස් එකේ ඉන්නේ..."
එහෙම කිව්වම අප්පච්චි සයාන්ට හිනා වුනා.. එයත් හිනා වුනා...මම අහපු එකට නෙවෙයිද මන්දා උත්තර දුන්නේ..
"මෙයා මේ මෙහෙ ඇවිල්ල ඉන්නෙ.. එයා මේ ගොවිතැන් එහෙම ගැන තොරතුරු වගයක් හොයන්න. මම කිව්ව අපෙ පැත්තේ එන්න කියල. ඇවිල්ල ඉතින්"
" හුඟක් වෙලාද ඇවිල්ලා දරුවෝ.. මේ වාහනේද පුතේ ආවේ"
"එයා ලංකාවේ නෙවෙයි අප්පච්චි සිංහල තේරෙන්නෙ නෑ.. මේ-"
කොහෙද.. යකඩෝ මට රටක නමක් මතක් වෙන්නෙත් නෑ එක පාර... මට දැනෙනව මම අහන එකට නෙවෙයි උත්තර දෙන්නෙත් කටට එන ඒවගෙන් කියලත්. දැනටමත් මගෙ කකුල් දෙකත් පොඩ්ඩක් පණ නෑ වගේ.
" Hello .I'm Zayaan I'm from Russia. sorry about the last night . I didn't .."
"රුසියාවෙන් අප්පච්චි"
කියවනව මඟුලක්.. ඕක අපෙ අප්පච්චිට තේරෙන්නෙත් නෑ ,මට තේරුනේ රුසියාවෙන් ආවා කියන එක විතරයි.. ඒ හින්ද මම මැදින් පැනල උත්තර දුන්න.. අර වාහනේ වටේ ඉන්න මිනිස්සුත් අපි දිහා බලන් ඉන්නවා.. එයාලා සුදු මිනිස්සු දැකල නෑ වගේ එකේක ඒව මුමුණනවත් එක්කන්.
"ආ.. පුතාලා එහෙනම් වාහනේ ගේ දිහාට අරන් යන්න මෙතන දාලා ඇයි"
"හා අප්පච්චි. Zayaan come . drive your vehicle to home . our home"
මම බකපණ්ඩිතය වගේ දන්න ඉංග්‍රීසි ටික දාලා අතින් වාහනෙත් පෙන්නලා කිව්වම සයාන් අප්පචිටත් හිනා වෙලා වාහනේ පැත්තට ගියා.. සමහරවිට මම කිව්වා හරි වෙන්න ඇති ඒකනේ තේරුනේ.
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...