හවස් වෙලා ගියාම එච්චර වාහන තදබද නෑ කියලා ලොකූ මේ හවසම ආපහු නුවර එළියෙ යන්න ලෑස්ති වෙනව. අම්ම නිකන් රොබෝ කෙනෙක් වගේ මතක් වෙන මතක් වෙන ඒවා ගෙනල්ලා ලොකූගේ බෑග් වල තියෙන පොඩි ඉඩක් අස්සට ඔබන්නෙ. මම නිකන්ම ඇඳට වෙලා ලොකූගේ ෆෝන් එකේ තියෙන ඒව බල බලා හිටියා.
"කෝ මෑන්"
"කාමරේ. වැඩක්"
" කෝ මේ පැත්ත හැරෙනවා"
"ම්ම්"
"දැන් එයා කවද්ද යන්නේ"
"දන්නෑ.."
"මෙහෙ එනවකො"
මං ෆෝන් එක තියල ඇඳේ වාඩිවුන ලොකූගේ ගාවට ගියා.. එයා මගෙ වටේ අත් දාලා එයාට තුරුල් කරගත්තේ හරියට නිකන් මගෙ හිත කියවලා වගේ..
" එයා ඉන්නකල් විනෝදෙන් ඉන්න පුලුවන් නේ. පස්සෙ ඔයාටත් රස්සා හම්බුනාම ඒවගෙ වැඩත් එක්කන් කාර්‍යබහුල දවස් එනවා. අපි එතකල් පොඩ්ඩක් ඉමු.. මටත් පුලුවන් වුනොත් මැයි ජූනි දිහාට මෙහෙට මාරුව අරන් එනව"
"අර පේරාදෙණියටත් පුලුවන් කිව්වෙ. එහෙමත් ගෙදර ඉදන් යන්න එන්න පුලුවන් නේ"
"ඔව් කොහෙට හරි බලමුකො. මේ ළඟකට"
ලොකූගෙ උරහිසේ නිකට තියාන ඉන්නකොට එයාගෙ අත් මගෙ පිට පුරා යනගමන් හෙමින් කතාකරා.. එයත් මේ යන්න ඇඳුමුත් ඇඳගෙන ඔහේ ලතැවි ලතැවි ඉන්නේ.
"චහ්... යන්නම් හතරට දහයයි වෙලාව..කෝ.. මේ මූණ එල්ලන් ඉන්න එපා බං. අර උඹෙ එරොප්පෙ කෑල්ල එක්ක හිටාන්. එහෙ මෙහෙ දුවන්නයි ගස් නගින්නයි ඔය සෙට් වෙලා ඉන්නෙ ගැලපෙන වැදි පැටියෙක්.. අනික උඹ පොඩ්ඩක් හිතල බලපන් ඔය ඇටකටු හාරන එක හැමදාම කරන්න ඕනෙද කියල"
"ලොකූ.."
"ඕ..."
"අපෙ ප්‍රොෆෙසර් කිව්ව පුරාවිද්‍යාව මේක සල්ලි බලාන කරන දෙයක් නෙවෙයි කියල. කරනවනම් පුරා විද්‍යා කෞතුක භාණ්ඩ විකුණුම් කරන්නයි කැම්පස් වල ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නයි විතරයි වගේ කතාවක්"
"ම්ම් ම්ම්..හිතලා බලලා කරන එකක් කරන්න. සයාන් ගෙන් උනත් උදව් කරන්න පුලුවන් එයා ඔයාව හරි පාරට යොමු කරයි කියල මට නිකන් හිතුනා"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...