47 කොටස

319 74 64
                                    


මුළු රටටම ඇඳිරි නීතිය දාලා.. කිසිම සද්දයක් නෑ වටපිටාවෙත්.. සයාන් අයියව එක්කන් ගිහින් දැනටමත් පැය දෙක තුනක් පහුවෙලා ගිහින් මට හිතෙනව අද රෑම එයාව ආයේ එක්කගෙනත් එයි කියලා. ඒක බොරුවක්.. කීවෙනි වතාවටදෝ සුසුමක් පිටකරපු මම සයාන් අයියගේ ගෙදරට යන පඩිපෙලේ බිත්තියෙන් ඔලුව තියාගත්තා. 

මට ගෙදර යන්න බෑ. පොලිසියෙන් මෙහෙ අවුස්සලා අවුස්සලා දාලා ගිහින්. ඒ ගොල්ලො ගේ අවුස්සන අතරේ මම සයාන් අයියගෙ ෆෝන් එකේ තිබුන හකීම් ගෙ වොයිස් රෙකෝඩ් එක එහෙම මගේ ටැබ් එකට ගත්තා. අනික සයාන් අයියා ෆෝන් එකට මොකක් හරි වුනෝතින් කියල එයාගෙ ෆොටෝස් ඩ්‍රයිව් අප්ලෝඩ් කරලා තියෙන්නේ ..මං හිතන්නෑ මේක සයාන් අයියගෙ ඇගේ ගහලා දාන එක ලේසි කියලා- මාත් ඉන්නවනේ.

"මද්දූ"

"අම්මා"

"යමු ගෙදර පුතේ"

"අම්ම තනියෙන්ද ආවේ"

"අප්පච්චි ආවා. ඔතන ඉදල පිනි බාලා ලෙඩක් හදාගන්නද මෙහෙ ඉන්නවනම් ඇතුළට යන්න රෑ දොලහටත් පහුවෙලා තාම නැති හින්ද මං ආවේ බලන්න"

"මං මෙහෙ ඉන්නම්"

අම්මා ආයේ මොකුත් නොකියා පහළ ඉදලම වෙන පැත්තක බලාගත්තා. මට ඇඩෙනව නේ.. අඩල අඩලා තාමත් ඇඩෙනවා.. අම්මා බනියි කියලත් බයයි..ඇඳිරි නීති අයින් කරහම ගමේ අය මේ ගේත් ගිනිබත් කරයිද කියල බයයි මට. මම මෙහෙ හිටියොත් මොකුත් කරන එකක් නෑ.

"ඇතුලට ගිහින් දොර වහගන්න එහෙනම්"

"ම්ම්"

අම්මට තවත් දුක් දෙන්න බැරිකමයි මෙතන මාත් ලෙඩ වුනොත් වෙන දේවලුයි එක්ක මං ගෙට ආවා. සයාන් අයියගෙ ඇඳ උඩට ඇවිල්ල ජනේලේ පොඩ්ඩක් ඇරියාම දැක්කා සරම පිටිපස්සට අල්ලගෙන අප්පච්චිත් අම්මා එක්කන් ආයෙම ගෙදර යනවා...

රජයෙන් සමාජ මාධ්‍ය ඔක්කොම බ්ලොක් කරලා. ඒත් සයාන් අයියා පාවිච්චි කරන්නේ කැනඩාවලට අයිති ඉන්ටනෙට් හින්දා මට සමාජ මාධ්‍ය අස්සේ රිංගන්න පුලුවන්. සයාන් අයියගේ ෆෝන් එකෙන් එයාගෙ ෆේස්බුක් එකවුන්ට් එකට ගියාම ගොඩාක් ම එන්නෙ  ඉරුෆාන්ලගේ හකීම්ලගේ හානිෆ්ලගෙ පැහැදිලි නැති ෆොටෝස්.. ඒ අස්සේ සයාන් අයියගේ හෙන කඩවසම් පින්තූර. එයා මේ ෆේස්බුක් එකවුන් එකේ ඉන්නේ laxe කියන නමින් ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකෙන් ගත්තු ෆොටෝ තමා මේ දාන්නේ. 

සිලිලාර | COMPLETEWhere stories live. Discover now