"එපා...හ්.. මට පුලුවන්.. ආහ්.. සක්කරවට්ටම"
"එහාට වෙන්න "
"එදා පැන්න විදිහට පනින්න"
"ඔන්න එනවා"
එදා ඇත්තක් වුනාට අද ඒක බොරුවක් නේ.. මම ඇඳේ ජනේලේ ගාවින් සයාන් අයියා මුලින්ම ආව දවසේ මං හිටපු විදිහට වාඩිවුනාම සයාන් අයියා කොහෙන්දෝ අස්සකින් දුවගෙන ඇවිල්ලා ජනේලෙ ගාවින් මතුවුනා.. එදා වගේ නෙවෙයි කොල්ලට අද හිනා ගියා..
"කට් කට්.. ආයේ"
"චුට්ටො."
"නෑ එදා ඔයා එහෙම නෙවෙයි කිව්වේ"
"එහාට වෙන්න . මට එන්න ඕනේ"
සයාන් අයියා බොරුවට දුක්කිත මූණක් හදාන ජනේල් පඩියට අත තියාන මගෙ මගෙ දිහා බැලුව. මම එයාගේ අත් දෙකෙන් ඇද්දා ඇද්දා එයා ආවේ නෑ එක පාරම මාවත් යටකරන් ඇඳට පැන්නා..ඒකරලා එයාම කරණමක් ගහලා ඇඳෙන් බැහැල ගිහින් කාමරේ ලයිට් එක දැම්ම.
"ගලවනව සපත්තු දෙක"
"සොරි සර්"
"වහනව ජනේලෙ"
"බෑ සර්. අපි මූණ හෝදන්න ඕනෙද"
"අනේ බෑ අප්පා.නිදාගමු මට මහන්සියි"
"ආ.මට මහන්සි නෑ ?. ඔයා හවස ආවේ මම උදේ. උදේ වැඩ කරන්න ගියේ"
සයාන් අයියා එයාගේ තුවාය අරන් ඇඳගෙන ඩෙනිම ගලවලා දාලා වෙන කලිසමක් දාගන්න අතරේ මම ජනේලේ වැහුවා. නැත්තන් කියයි මම බලාන හිටිය නේද කියලා. දැන් වාහනේ එනකොට අයියගේ දිග ඇඟිලි ලා මෙලඩි වලට සුක්කානමට තට්ටුවෙන දිහා මම බලාන හිටියම එයා ඇහුවා 'ලස්සනද' කියලා. මටත් ගොත ගැහුනාම එයා දකුණු අතන් වාහනේ හසුරුවන්න අරන් වම් අතෙන් මගේ දකුණු අත අල්ලගත්තා.. එයාගේ ඇඟිලි සෑහෙන්නම ලස්සනයි, ඒවටම ගානට කපපු රෝස පාටට හුරු නියපොතුත් එකතු වුනාම බලන් ඉන්නම ඕනෙ මටත්.
"වොශ්රූම් යනවද"
"ඕ.. අයියේ ජනේලෙ පාවිච්චි කරන්න පුලුවන් ඕනෙ නම්"
"මෙහෙ එන්න."
මම අම්මට කියල ගියේ මගෙ කාමරේ ජනේලෙන් පයින්නම් ඒක ඇරල තියන්න කියල. අයියා අම්මට කියලනෙ අපි එන්න වෙලා යනවා කියල . මම නුවරදි අයියට අම්මට කෝල් කරමු කියනකොට තමා මෙයා අම්මට කලින් කිව්ව කියල මට කිව්වේ. අපි නුවරින් එනකොට දොළහට විතර ඇති දැන් දෙකටත් කිට්ටුයි.. සයාන් අයියා මාතලේ ඉදල එනකොට කෙලින් අහුවෙන පාරවල් වල පුදුම වේගෙකින් ආවේ.. අනික ජනේලත් ඇරලා හින්දා මම නම් හිටියේ මැරෙන්න සතුටකින්...
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...