අත්කම් කයියට ඇවිල්ලා හිටිය හැම ගොවියෙක්ම දෑකැති අරන් කුඹුරට බැස්සේ අපි පාරේ සැපපහසුවට වාඩිවෙලා ඒ පැත්ත බලන් ඉද්දිමයි.ඒ හැමෝවම ලොකු මාමා ආයුබෝවන් කියල පිලිගන්න අතරෙ අපෙ අප්පච්චි එක එක්කෙනාට බුලත් කොළ කීපයකුයි දුම්කොළ කෑල්ලකුයි සුද්ද කරපු පුවක් ගෙඩි දෙක තුනක් දුන්නාම ඒ ගොල්ලො ඒවා හිනාවෙලා ම පිළිගත්තා.
" ආ මචාන් "
ටික්ක එයාගේ ගෙවල් ගාවම ඉන්න පසන් එක්කන් කුඹුර ගාවට ආවේ ගොයම් කයිය පටන් ගෙන විනාඩි ගානක්ම ගියාම.
"මං කෝල් එකක් දෙන්න ගියේ එන්න කියන්න"
"මේ මූව ඇහැරවගන්න බැරි වුනා බං"
"ඊයෙ රෑ හීංඅත්තා එක්කන් කැරම් ගහලා මේ අතේ හමත් ගියා"
ඒ ඇවිල්ලා දෙන්නත් එක්කන් මායි සයාන් අයියයි සතිදුයි තව පොඩි පොඩි කොල්ලො ටිකක් වාඩිවෙලා හිටිය තැනින් වාඩි වුනාම තමා මගෙ ඇඟේ ලේ ගමනාගමනය සාමාන්‍ය වුනේ . මේ ඉන්න කොල්ලො ටික මට තනියෙන් ආන්බාන් කරන්න බැහ්.
"කාලද බං ඉන්නෙ. මං තේ විතරයි බිව්වෙ"
"අපිත් එහෙම තමා. තව ටික්කින් කිරිබත් එහෙම ගේයිනේ. ගේ කැවුම් එහෙම තියෙනව ඕන්නං"
සරමක් අස්සෙන් කොට කලිසමක් ඇදන් ඇවිල්ල හිටිය ටික්කා පාරට අත් වල බර දීලා වාඩිවෙලා ඉන්න සයාන් අයියා දිහා බලලා ආයෙම කුඹුර පැත්ත බලාගත්තා..
"ටික්කා."
"ම්ම්"
"ඉගෙන ගන්නෙවත් රස්සාවක් කරන්නෙවත් නැද්ද උඹ"
"ඇයි අපෙ අම්ම කිව්වද මගෙන අහන්න කියල."
"අනෙ ලොකු නැන්දා එහෙම එකක් මට කියයි කියල උඹ හිතනවද. අපෙ අප්පච්චියි අම්මයි කතාවෙනව ඇහුනා. තමුසෙ ඔහේ කාලකන්නියෙක් වගේ ඉන්නව කියල"
"ඉංග්‍රීසි කෝස් එකක් වත් කරන්න ඕනෙ බං. ඒත් එව්වට සල්ලි එපායෑ "
"ඇයි උඹට අහේනියනේ.. කරන එකක් කරන්න ගන්නව. පස්සෙ හිතෙයි අපරාදේ ඒ කාලේ කරන්න තිබ්බෙ ගාල එතකොට ආයේ කාලේ ආපස්සට යවන්නද"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...