" වාහනේද අම්මා ගියේ"
"ඔව් පුතේ.. ගිහිල්ලා එළවලු අරන් ඒකෙම දාගෙන ආවා .බස් වල ගියාට වඩා කොච්චර ඉක්මන් උනාද. අනික අර දරුවා හින්දා මට ටවුමේ එලවලු මලු උස්සන් එන්න උනෙත් නෑ.
"මේ කේක් ඇයි"
"ඔය බලන්නකො අර පුතා ගත්තේ ඔන්න. මට වාහනේ ඉන්න කියලා ගිහිල්ල අරන් ආවා. "
අම්මා ලොකු එලවළු මලු වල තියෙන එළවලු සෝදන ගමන් අර පුතා ගැන පුරාජේරු ගහනවා කියන්නේ සයාන් අයියා අද සෑහෙන්න එක දාගන්න වැඩ කරලා වගේ.. කේකුත් ගෙනල්ලා. මෙහෙම කේක් එකක් අපෙ ගෙදරට ගෙනාවමද මන්දා.. උඩ චෙරි ගෙඩියකුයි තව අයිසින් කොළ ටික්කුයි තියෙන චොකලට් කේක් එකක් . මම මේවා ඩෙවෝන් එකේ ඩිලයිට් එකේ තියෙනව දැක්කට හැමදාම ගිහින් රුපියල් හතලිස් පහක පනහක දෙයක් අරන් එනව මිසක් මෙව්ව දිහා බලන්නෙ නෑ නේ.
"රසයි "
"මොකෙන්ද කැපුවේ"
"මේ හැන්දෙන්"
අම්මා මට රවලා ආයේ එලවලු හෝදන්න ගත්තා. මම මහන්සි වෙලා ඉගෙන ගෙන බස් දෙක තුනක ගෙදර ආවේ අර පුතාගේ පුරාජේරු අහන්න නෙවෙයිනේ. ඒ හින්දා මම කාමරේට ඇවිත් ආයේ ගිහින් නෑවා. ඒ ආවාම තමා දැක්කේ මගේ මේසේ ඇතුළට වෙන්න දාල තියෙන පුටුව උඩ තිබුන අලුත් ටියුලිප් බෑග් එක.
"කප් කේක් ?? නේද මේ. අම්මා...!!!! ආ නෑ නෑ නිකන් නිකන්"
ලස්සනට අයිසින් කරපු ලා නිල් පාට කප් කේක් එකකුයි ඒක ඇතුලේ මාශ්මෙලොස් පැකට් එකකුයි තව පොඩි දෙකට නවපු ඒෆෝ කොලේකුයි.. මම බෑග් එක මේසෙ උඩ තියලා කොළේ දිගෑරියා. සයාන් අයියගේ කැත සිංහල අකුරු දැක්කාම මගේ මූණ බෙරි වෙලා ගියත් කියවන්න ආසා හිතුනා..ඒක ඇවිල්ලා අලුතුම භාශාවක්...
' අව්වා වට ලන්කාම enna kiwwa අද last year . වව සතුටු ව දමස last year අද. කප් කේක් for you චුට්ටෝ'
මම මේක කියවලා අතින් කටමිරිකන් අම්මට ඇහෙන්න නැතිවෙන්න හිනා වුනා. මේ මනුස්සයට ව අකුරයි ම අකුරයි පැටලෙනව තාම..මෙව්ව මට විතරද කොහෙදෝ තේරෙන්නෙ..
ඒ වුනාට ගිය අවුරුද්දේ අද මම දුකින්ම හිටිය දවසක්. මෙයාට හෙන සතුටු හිතුනලු.. අනික මෙ ඉරුෆාන් ඇන්ටි මෙයාව එන්න කියල අතරමං කරල ඉන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ.. අම්මෙක් නේද මේ ළමයා ලොකුයි තමා ඒත් ලංකාවේ මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඉන්න බෑ එයාට. සල්ලි තියෙනවා කිව්වට මට හිතෙනව සයාන් අයිය ගාව තියෙන සල්ලි ඉක්මනට ඉවර වෙනව කියලත්... එයා කිව්වා ලංකාවට ඇවිල්ලා ඇම්බැක්ක පැත්තෙයි ඔය ලී කර්මාන්ත පැත්තේ පොඩ්ඩක් ඇවිදලාලු නුවරට ආවේ.. එයා ලංකාවට ආවාම අම්මා ෆෝන් එකෙන් මෙයාට කතා කරල නැති හින්දා එහෙම කෝල් එකක් එනකල් මෙයා හොටෙල් වල නැවතිලා ඉදල තියෙන්නේ..
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...