"මාත් එන්නම්කො"
"පාඩුවේ ඉන්නවද"
"අප්පච්චි මං එදා සුද්ද කරන්න උදව් කරා"
"එදා සුද්ද කෙරිල්ල මට එපා වුනා මද්දුවෝ .මේ ඉණිමඟ අල්ලගන්න ලොක්ක නඟී"
"ගෙදර ඉන්න එකාට වෙනස්කම තමා . මං නැති අඩුව තේරෙයි දවසක. එදාට අනේ අර කොල්ල හිටියනම් කියල කියන්න වෙයි ඔක්කෝටම"
අප්පච්චියි අයියයි මම කියන දේ ගනන් ගන්නෙ නැතුව පිටිපස්සෙ බිත්තියේ එල්ලලා තියෙන ඉණිමඟ ගන්න ගියා... කමක් නෑ සයාන් අයියා ඇවිල්ල මගේ උරහිසට අතක් දාගත්තනෙ.
"ඔයාට මං නැති වුනාම පාලුයි නේ"
"ඔව්"
"ඒ ඇති.. "
"මද්දු මේ ඉණිමඟ අල්ලගන්න ඇවිල්ලා"
මම ගස්සලා පද්දලා ගිහින් ලොකූට වහලෙට නඟින්න ඉණිමඟ අල්ලගත්තා. මේ වැහිපීලි සුද්ද කරන්න කියලා.. අඹ ගහේ කොළ වැඩිහරියක් වැටෙන්නේ වහලෙටනේ. ඒවා හුලඟට වහලෙ දිගේ පියාඹලා ඇවිල්ල වැහිපීල්ලෙ රැදුනාම වැස්ස දවස් වලට වතුර හිරවෙනවා.. අප්‍රේල් මාසේ පොඩි වැස්සක් යනවනෙ මෙහෙට ඒකට මේ දැන්ම ඉදන්ම ලෑස්තිවෙන්නෙ කට්ටිය..
"මද්දු කොළ ටික අතුගාලා දාන්න එහෙනම් මම හේරත්ගේලගෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්නම්"
"බෝග බීජ දෙනව කිව්වෙ කවද්ද ඒයි. ඒවත් අහල ගිහින් ගන්න වෙයි ඕන්"
අම්මා වට්ටි දෙක තුනකට දාපු ගම්මිරිස් වගයක් උස්සන් එළියට ආවේ මිදුලට අවුව තියෙන වෙලාවේ වේලගන්න වෙන්න කියල. මම ඒ ටික අරන් අවුව තියෙන තැන් වල තිබ්බ.
"ලබන සුමානේ දිහාවට දෙයි. කෘෂිකර්මේ රැස්සීමක් තියෙනවා කිව්ව ඒකටත් යන්න ඕනේ."
"ඉරිද මරණාධාර සමිතියත් එනව ඕන්. මේ පාර යන්න වෙනව ගිය මාසෙත් බැරිවුන එකේ නැත්තන් එකසිය පනහක් ගෙවන්න වෙනව"
අප්පච්චි මොකුත් නොකියා පාරට ගියේ හේරත්ගේ මාමලැයි ගෙවල් වලට යන්න.. එයාලා දැන් හේන් ගොවිතැන් පටන් ගන්නත් එපායෑ. ඒවට කතිකා කරගෙන දවස් බෙදාගන්න ඔය යන්නෙ.
"මම ඔයාට ගස් නගින්න කියල දෙන්නම් එන්න"
"බෑ බෑ"
YOU ARE READING
සිලිලාර | COMPLETE
רומנטיקהගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...