44 කොටස

309 77 88
                                    


සයාන් අයිය වෙනදට වැඩට අඳින ඇඳුම වෙනස් වෙලා ගියා..!! 

එයා දැන් අඳින්නේ මැදපු ඇඳුම්මයි. ඒක හින්දම එයා අයන් එකකුත් අරගත්තා හැමවෙලාවෙම රෙදි එහෙට මෙහෙට උස්සන්න බෑ කියලා.. දැන් එයාට තියෙන එකම ප්‍රශ්නේ රෙදි හෝදලා මිරිකන එක. අත රතු වෙනවලු අත දනවලු - ඇත්ත ඉතින්. මම එයාට අවලාද කිව්වට මාත් මගෙ රෙද්දක් හෝදගන්නෙ නෑ නේ. දැන් සයාන් අයියා ගෙදර එන්නේ එක එක වෙලාවල් වලට. එයා වැඩ කරන්නෙ මාතලේ ටම කිට්ටු ගාමන්ට් එකක. ලංකාවේ පරිභෝජනයට නෙවෙයිනේ ඒ රෙදි මහන්නේ. ඉතින් රෙදි අරන් යන නැවක් එහෙම එන දවසට සයාන් අයියා ගෙදර එන්නෙ රෑ නවයත් පහුවෙලා... 

මහන්සියක් ඇඟට දැනුනට එයා උවමනාවෙන් වැඩට යනවා. එයා ඒ වැඩ ගෙදර ගේන්නෙ නෑ එයා ගෙදර ඇවිල්ලා එයාගේ බිස්නස් එකේ එක එක වැඩ කරනවා.. ඒව දැක්කාම මට හිතෙනව සයාන් අයියා නොදන්නෙ මොනවද කියල.  එයාගේ වැඩ වලට මගෙන් එයාට ලැබෙන්නේ බොහොම පොඩි උදව්වක් වෙන්නත් ඇති ඒකත් කමක් නෑ කියල එයා මට ප්‍රංශ භාශාවත් හුරු කරවනවා.. එයා බිස්නස් වැඩ කරන අතරේ මම වෙන භාශා ඉගෙන ගන්නවා..

අදත් එයා ගෙදර එනකොට රෑ නවය වෙනවයි කියලා අපේ ගෙදරට කෝල් එකක් දුන්නා. මම හවස එයාගේ ගෙදරට ආවා වැඩ කරන්න. සයාන් අයියා මට ඉන්ටනෙට් එකේ quiz  එහෙම දීලා තියෙනවා කරන්න. ඒවගෙන් ඉගෙන ගන්න ආසා හිතෙනවා.. මට ඒවා කරලා කරලා ඇති වුන හින්දා ජනේලෙන් පඩියට බෙල්ල තියාන බලන් හිටියා එයා එනකල් ..දන්නෙම නැතිව මට නින්ද ගිහිල්ලා වගේ.

"ඇඳේ ඉඩ මදි ?"

"ම්ම්... කොයිවෙලාවෙද ආවේ..ඇඳුමුත් මාරු කරලා"

"කෑවද ඔයා "

"ඔව්.. කාලා ආවේ"

සයාන් අයියා මාව ජනේලේ ගාවින් ඇදල අරන් එහෙමම ඇඳට ඇවිල්ල මාව පිටිපස්සෙන් තුරුල්කරගත්තා. මට මෙයාගේ ගාවින් අමුතු සැරක් එනවනේ.

"මොනවද බිව්වේ"

"ම්හ්ක්"

"කෝ බලන්න කට අරින්න"

"ම්හ්"

"වාහනේ එලවන් ආවේ බීලද"

"ම්හ්ක්"

සිලිලාර | COMPLETEWhere stories live. Discover now