53 කොටස

347 71 67
                                    


අප්පච්චිලා  හේන් වගාව කරල දැන් බඩඉරිඟු පවා ගස් ලොකු වෙලා  ගිහින්.. මාමලාගේ කුඹුර ආයෙම හාන්න පටන් ගෙන.. රටේ ඇඳිරිනීති තිබුනට මේ ගමේ ගොඩක් අය තම තමන්ගෙ වගාවල් කරගෙන යනවා.. 

මම මේ අඹ ගහ උඩට නැගල බලාගෙන හිටියේ සයාන් අයියා චූං පාන් ගන්න දිහා.. ඒ වීල් එක වටේ ඇවිද ඇවිද ලොකු බනිස් මල්ලක් ම අරගෙන සල්ලි දුන්නා... ඒකරලා චූං පාන් එක ගියාම මාමා කුඹුරෙ ඉදලා අයියට අඩගහලා වතුට බෝතලයක් දුන්න එකේ මෙයා ගෙට දුවල බනිස් මල්ල තියල වතුර එකක් පුරවන් ආයෙ මාමට ගිහිල්ල දුන්න.. ඒකරල අඹ ගහ මුලට ආවා.

"බහින්න බනිස් කන්න.. අම්ම තේ හදනවා"

මම ඔලුව වනලා ගහේ කඳ බදාගත්තා.. ගෙදර ඇවිල්ල දවසක් දෙක තුනක් ගියා වුනත් ගෙදර අය කොච්චර කතාකරත් මගෙන් වචන පිටවෙන්නෙ හරි අඩුවෙන්. වෙලාවකට සයාන් අයියා එක්කන් කියවනවා ඇරෙන්න මම බලෙන් එල්ලි එල්ලි කියවන්න යන්නෙ නෑ.. ඒත් අපෙ ගෙදර අය හැමවෙලාවකම මාව කයිවාරුවට අල්ලගන්නමයි එන්නේ.

"එන්න.... ඔයාට ඔතන නින්ද යයි"

සයාන් අයියා ගෙට ගිහින් දෙවෙනි පාරත් ඇවිල්ල කිව්වම මම හෙමීට ගහෙන් බැස්ස. අවසාන හරියට එනකොට එයා මාව උස්සලා බිමින් තිබ්බ. මදිපාඩුවට කම්බුලක හාද්දකුත් තියලා.. ආව දවසෙම අපි කොණ්ඩෙ අඩුකරලා රැවුලත් කපල උණු වතුර නෑව. ඊයෙත් නෑව හින්දා හොදයි අද මෙහෙට වහින්න වගේ.

 සයාන් අයියා මගෙ කරට අත දාගෙන කුස්සියට එනකල්ම ඇදගෙනත් ආවා.

"මේ චොක්ලට් බනිස් ඔයාට"

"ඉඟුරු දැම්ම ඔන්න මම තේ වලට. කෝ දැන් අනිත් එක්කෙනා.. ලොකූ....!!! මේ තේ බොන්න ඇවිල්ල. වැස්සක් එනව ඔන්න රෙදි ටික ගන්න වෙයි. මද්දු ඇඟපත හෝදගන්නවනම් වැස්සකට කලින් හෝදගන්න"

මං ඒකටත් ඔලුව වනලා සයාන් අයිය අතටම දුන්න චොකලට් බනිස් එක අරන් තේ එකේ උගුරක් බිව්වා..

"ආ මද්දූ.. බනිස් කනව වගේ.. අඩෙහ් තේත් බොනවද"

"මේක ඔයාට. ඇට බනිස්"

සයාන් අයියා ලොකූට තල දාලා මැදින් ජෑම් දාපු බනිස් එකක් පෙන්නලා හෙමීට ඇට බනිස් කියල කිව්ව. ලොකූ සයාන් අයියට මැද ඇඟිල්ල දික් කරල බනිසෙ අරන් ඒකෙන් බාගයක්ම කටේ ඔබාගත්තා. මොනා නැතත් මේ දෙන්න නම් නසරාණි විදිහට හැදිල ඉන්නව. ලොකූ හින්ද සයාන් අයියගෙත් ප්‍රංශ වල්කම් මතුවෙලා හොඳටම... 

සිලිලාර | COMPLETEWhere stories live. Discover now