රෑ මැදියම කිට්ටු හෝරාවල පාළු යවාගන්න කෑගහන බල්ලෙක් ගේ උඩුබිරිලිමක් ඇහුන පමාවට වටපිටාවේ සේරෝම බල්ලොත් ඒ බල්ලට එකතු වෙලා උඩුබුරලන්න ගන්නවා. ඒත් ඒ සැනින් ඒ සද්ද බද්ද නැතිවෙලා යන්නේ අනිවාරෙන්ම ඒ ළඟපාත ගෙදරිකින් "දී යන්ට" කියල කෑගහපු මිනිහෙක්ගේ හඬකටම වෙන්න ඕනේ.. වෙනදට එහෙමයි.... එහෙම ඇහෙන නිශාචර සද්දවලට අමතරව අද මිනිස්සුන්ගේ සද්දත් පාර දිහායින් ඇහෙන්න අරන්..
" ඕකුන් අර පොඩි හරක් පැටියව බාවලා"
"උන් පැනල මාමේ ගේ කවුරුත් නෑ කියන්නේ"
"පයින්න ඇති. කොහොමද රෙද්දක් ඇදන් මිනිහෙක් ගාවට එන්නෙ නැත්තන් . ගමේ අනිත් උන් කෙරුවාව නොදැන ඉන්නවා කියල වෙන්ටෑ උන් මෙච්චර කල් හිතන් හිටියේ.. දැනුත් කසිප්පු ගුඩාව අදින එකෙක් ම උල්පන්දම් දෙන්න ඇති උන්ට පැනගන්න."
"අනේ මන්දා කොහොමහරි හවසත් හිටියෙ නෑ කියන්නේ"
මැකීගෙන මැකීගෙන ගියපු මිනිස්සුන්ගේ කටහඬවල් වලට කන්දෙන්න මං ඇදේ මැද්දකට වෙන්න උඩින් බිත්තියයේ තිබ්බ ග්‍රිල් එකක් වත් නැති ජනේලෙ පොඩ්ඩක් ඇරගෙන ඇඳ උඩම වාඩි වෙලයි හිටියේ.. ගමේ මිනිස්සු අපෙ ගේ පාස් කරල ගියාම මං මූණ හරවන් ජනේලේ නිකන් වහල දැම්මා...
රෑ නවයට විතර නිදාගන්න කියල ඇවිල්ලා දැන් එකොලහත් පහු වෙලා.. මේ අපේ ගේ ගාවට පොඩ්ඩක් එහායින් තියෙන මුස්ලිම් ගෙදර ගැන තමා මිනිස්සු මේ අනන් මනන් කියවන් යන්නේ කියලා ඇහුණත් එකෙක් වත් ඕපාදූපේ හරියට කියාගෙන ගියෙ නැති හින්දනේ මම මේ ඇහැරන් ඉන්නේ...දැනටමත් මම ඇඳෙන් තුන් වතාවක්ම නැගිට්ටත් එක්කන්.
"ගිනි තිබ්බලු යකෝ....!!! අඩෝ දුවපන් ගේ අස්සේ බඩු හෙම එළියට දාලා ලු. ටික්කා වරෙන්"
ජනේලේ වහලා හාංසි වෙලා විනාඩි ගානකින් ආයෙම ඇහිච්ච කටහඬට මම ආයේ නැගිටලා ජනේලේ ඇරියා..
"ගිනි අරන් නම් බඩු බේරිලා නැතිවැති "
"යමන්කො.... මේ ඕයි ඕයි හිටපන් මොකෝ උන්ගෙ ගෙදර තත්වේ"
" කෝලාහලයක් හොඳටම.. ගුණපාල මාමා වත්ත පිටි පස්සේ හොල්මනක් දැකලා සිහි නැති වුනා .මම මේ ආයුරේද නෝනගෙ ගෙට දුවන්නෙ. සුදු ම සුදු එකෙක් ලු කලු ඇඳගෙන ඉදල තියෙන්නේ"
YOU ARE READING
සිලිලාර | COMPLETE
Romanceගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්‍යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් ව...