මම සෑහෙන අරගලයකින් අනතුරුව අභිමාන් අයියාගේ ගැඹුරු හැඟීම් පිරි දෑසින් මිදී ගත්තෙමි. මම පහතට නැවී කැන්වස් සපත්තුවේ ලේස් ගැටගසමින් ඔහුගේ අවධානයට ලක් නොවී සිටීමට උත්සාහ කළ ද මා ශරීරය මෙහෙයවන සෑම ඉරියව්වක් පසුපස ම ඒ කාල වර්ණ දෑස් ලුහුබඳින බව අවබෝධවත් ම මා හට ඒ කාර්යයන් එකක්වත් නිවැරදිව සිදුකර ගැනීමට නොහැකිවිය. නොසන්සුන් ඇඟිලිතුඩුවලින් ලේස් ගැටගසා අවසන්කළ මම හිස ඔසවන විටත් අභිමාන් අයියාගේ දෑස් වූයේ මා වෙතම ය.
" ශේන්, ප්රැක්ටිස්වලින් පස්සේ මාව පොඩ්ඩක් හම්බෙලා යන්න."
ඔහු අණකර සිටියේ මාගේ හදගැස්ම දෙගුණ තෙගුණ කරවමිනි. මම කෙතරම් ඔහුව මඟහැරීමට උත්සාහ කළ ද ඒ සියල්ල ම ව්යර්ථ කරමින් අභිමාන් අයියා පෙරමුණ ගනිමින් සිටියි. නමුත් ඒ කුමක් සඳහා ද යන්න මම දැන සිටියේ නැත. එසේත් නැතිනම් මම නොදැන සිටි අයුරෙන් මාත් සමඟ ම රංගනයක නිරත වෙමින් සිටියෙමි.
" හ.. හරි සාජන්."
මගේ පිළිතුරත් සමඟ ඔහුත් පුහුණු ඇඳුමට මාරුවීමට ශිෂ්යභට කාමරයේ ඇතුළත කොටසට පිවිසියෙන් මම හනික ලකීෂ්වත් ඇදගෙන එහි පිටත කොටසට පැන ගත්තෙමි. මා රැගෙන ආ ලකීෂ් සිටියේ මටත් වඩා ව්යාකූලත්වයට පත්වයි. ඔහු මාරුවෙන් මාරුවට මා මෙන් ම අභිමාන් අයියා දෙසට බැල්මවල් හෙළුවේ ය.
" ශේන්... මට ඇත්ත කියන්න. මොකක් ද වුණේ?"
" මො.. මොන ඇත්ත ද?"
අවාසනාවන්ත අයුරෙන් මා හට ඒ මොහොතේ වදන් පැටලෙන්නට ද වූයේ ය. නමුත් මම කිසිවක් සිදු නොවූ අයුරෙන් ලකීෂ් ඉදිරියේ හැසිරීමට උත්සාහ කළෙමි. නමුත් කුඩා කල සිට මා දැන සිටි මිතුරාගෙන් මා හට රහස් සඟවාගෙන සිටීම නම් කොහෙත් ම පහසු නොවනු ඇත. මේ සියල්ල ලකීෂ් දැනගන්නා මොහොතේ ඔහු කුමන ප්රතිචාරයක් ලබාදෙනු ඇත්දැයි මා හට කොහෙත් ම අනුමානකළ නොහැකි ය.
" ඔහොම යමු ශේන්... ඉන්නකෝ මම හොරේ අල්ලගන්න. අන්න එදාට අපි බලාගමු."
ලකීෂ්ගේ ස්වරයේ කොහෙත් ම විහිළුවක සේයාවකුදු දිස්වූයේ නැත. එය මා තැතිගැන්මට පත්කළ ද මම සන්සුන්ව ඔහුට පිළිතුරු බැන්දෙමි.
YOU ARE READING
Under the Sky
Non-Fictionලබා දුන්නොත් අවස්ථාවක් ආසයි පෝලින් වෙන්න ආයෙත් වරක් රන්ටැඹේ අහස යට...
