●○ 1 ●○

6.8K 505 51
                                    

'විශ්වයම කියා ගන්න බැරි රහසක්'
ඉස්තෝප්පුවට වෙලා වැහි කෝඩෙකට බර වුණ අහස දිහා බලාගෙන මන් දුම් දාන තේ උගුරක් බිව්වෙ අතේ තිබුන පත්තරේ ආර්ටිකල් එක කියවන ගමන්.

' විශ්වය තුළ ක්‍රියාත්මක වන ඉන්ද්‍රජාලික රහස්වලින් අප තවම දන්නෙ 0.0000000000000001% තරම් අතිශය කුඩා ප්‍රමාණයකි.'
පටන් ගැන්මෙන්ම හිතුණා ලියපු කෙනා කවුරු වුණත් ගුප්ත විද්‍යාව පැත්තට බර කෙනෙක් කියලා.....ආර්ටිකල් එක පුරාවටම තිබුනෙ විශ්ව ශක්තිය කලු කුහර වගේ සාමාන්‍යයෙන් අපි හිතන්න වැඩිය පෙළඹෙන්නෙ නැති පැතිකඩක් ගැන ඇත්තටම කුතුහලයක් පෘථිවියෙ බර්මියුඩා ත්‍රිකෝණෙ.....මරියනා අගාධෙ ඉදන් සෞරග්‍රහ මණ්ඩලෙ වෙනකම්ම කොච්චර හැංගුණ රහස් ඇතිද ඇරත් ඔය නාසා එකෙනුත් කියන්නෙ සෞරග්‍රහ මණ්ඩලම මිලියන ගානක් තියනවා කියලා
ඉතින් ඇත්ත තමා විශ්වයම කියා ගන්නත් බැරි හිතා ගන්නත් බැරි රහසක්.....

සම්පූර්ණ ආර්ටිකල් එක පත්තරෙන් වෙන් කරපු මන් මගෙ ඩයරියෙ අලුත් පිටුවකට ඒක එකතු කලා....සමහරුන්ට හිතෙයි මනස්ගාත කියලා ඒත් දැන් ඒක මන් ඇබ්බැහි වුණ විනෝදාංශයක්.... ' ආචාර්ය
නිශ්ශංක ' මන් එකතු කරපු හැම ආර්ටිකල් එකකම කතෘ....කවදමහරි මුණගැහෙන්න ආසාවෙන්  ඉන්න  චරිතයක්. ඒත් මේ තාක් ඒ කෙනා කිසිම විදිහකින් ප්‍රසිද්ද වෙලා නැති එක ගැන මට පුදුම හිතුනා....සමහරවිට ප්‍රසිද්ධියට කැමති නැතුව ඇති.

" ෂර්ලොක් හෝම්ස් මහත්තයා වැඩ ඉවරද
අද වොට්සන්ට නයිට් ඩියුටි වැටිලනෙ...."

හොස්පිටල් එකට යන්න ඇදගෙන ආපු දිනෙත් මගෙ පත්තර කෑලි අලෝපු ඩයරිය දැකලා මට ෂර්ලොක් හෝම්ස් කියලා කියන ගමන් එයාටම වොට්සන් කියා ගත්තා. ෂර්ලොක් හෝම්ස්ටත් තියෙනවනෙ අපරාද ගැන අලෝපු පොතක්.

" අද මොකක් ගැනද....."

" හ්ම්.....විශ්වය ගැන....."

" පත්තරේට ඕවා ලියන එකත් ෂුවර් එකට තමුසෙ වගේම පිස්සෙක්....මන් කියනවට පුරාවිද්‍යාව අත ඇරල අපරාධ පරීක්ෂණ කරපන්...."

දිනෙත් හිනා වෙවීම ගෙදරින් එලියට බහිද්දි මාත් එයා පස්සෙන්ම බයික් එක ගාවට ඇවිදන් ගියා.

ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️Where stories live. Discover now