ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
කටුරොද ගම්මානය තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙලවරයනිල්ල ගැහුන කුඹුරු යායවල් පිරුණු කඳු වලල්කින් වට වුණ ලස්සන ගමක් හරියට පුංචි කාලේ සුදෝ සුදු කියවද්දි සාගර පලන්සූරිය මහත්තයා හරි ලස්සනට කවි වලින් මවලා තිබුන කටුරොද වගේ.... පිටිසරයි දුෂ්කරයි ඒත් පුදුම තරම් ලස්සනයි.
" උඹේ මිනිහා හද්ද ඩොටේනෙ බන්......"
පැය ගානක් වාහනේ ගෙනාපු දිනෙත්ගෙ මූණ ඇඹුල් වෙලා තිබ්බෙ ඉවරයක් නැති ගමනක් එක්ක තිබුන මහන්සියට වුණත් ගම දැකපු මට නම් මහන්සිය වාෂ්ප වුණා.
" දැන්වත් බලපන් ගෙවල් ළඟ ද කියලා...."
" තව පොඩ්ඩ දුරයි මල්ලි..."
දිනෙත් දහ වෙනි පාරටත් කෑගද්දි අයියාම මැදිහත් වුණ හින්දා සද්දෙ අඩු කර ගත්තෙ මට නැතත් එයා අයියට තිබ්බ බයට.
අයියට බෙහෙත් කලේ පාරම්පරික සිංහල වෙදෙක් වුණ මේඝගෙ අප්පච්චිලු....
' දේවසිංහ වෙදමැදුර ' කියලා යන්තමට කියවගන්න පුලුවන් විදිහට අකුරු මැකිලා දියසෙවෙල් බැදුණ ලී බෝර්ඩ් එක ගහපු ගේට්ටුව ඇරෙනවත් එක්ක මගේ ඇස් ගියේ පරණ තාලේ උලු හෙවිලි කල ගෙදරකට." මුවසිරස නැකතෙන් ඊසාන දිශාවට සුබයි...හෙට නැතක් දවසක්...රාහුකාලෙ පහු වෙන්ඩ ඇරලා ළිඳ කපාපන්...."
" එහෙමයි ආයිබොවන්ඩ...."
තනි සුදු සරමට සුදු බැනියමක් ඇදලා කොණ්ඩෙ රැවුලයි දෙකම වවපු කෙනා දිහා වාහනෙන් බැහැලා මන් බලන් හිටියෙ ඇහිපිල්ලමක්වත් නොගහා. මේඝ බැරිවෙලාවත් කොණ්ඩෙයි රැවුලයි වැවුවොත් මොන වගේද කියන්න මගෙ ඉස්සරහ හිටපු වෙද මහත්තය දිහා බැලුවම පුලුවන් වුණා. ඒ තරම් මේඝගෙ අප්පච්චිට තිබුනෙ එයාට සමාන වුණ රූපයක්. අපි එනවත් එක්ක ගෙයි පිලේ වාඩිවෙලා උන්න ගමේ කෙනෙක් කියන්න පුලුවන් මැදි වයසෙ කෙනත් එක්ක වුණ කතාබහ වෙද මහත්තයා නවත්තද්දි මං අයියගෙ වීල් චෙයාර් එක වාහනෙන් එලියට ගත්තෙ දිනෙත් පරිස්සමට අයියට වීල් චෙයාර් එකෙන් ඉඳගන්න අත් උදව්වක් දෙද්දි.
YOU ARE READING
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡